ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයේ දෙවන දිනය අදයි – අදත් සිරකරුවන් හුවමරුවක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගෙන ඇති සටන් විරාමය අතර තුර ඊශ්‍රායල සිරකඳවුරුවල සිටි පලස්තීනුවන් 39 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

එමෙන්ම හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු ද මේ වනවිට නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර තායිලන්ත ජාතිකයින් දසදෙනෙකු සහ එක් පිලිපීන ජාතිකයෙකු ද හමාස් සංවිධානයෙන් නිදහස්ව මේ වනවිට ඊශ්‍රායලයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) දිනයේ හමාස් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලයට ගෙන යාමට පෙර වෛද්‍ය තක්සේරු කිරීම් සඳහා ඊජිප්තු රෝහලකට ගෙන ගොස් ඇති බව සඳහන්.

නිදහස හිමි වූ ඊශ්‍රායල ජාතිකයින් අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවය යන වයස්වල ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක් ද සිටිනවා.

ඊශ්‍රායල අගමැති කාර්යාලය පවසන්නේ දින 04ක සටන් විරාම කාලය අතර තුර සිදුවන මෙම ගනුදෙනුවේ දෙවන දිනය වන අද (25) දිනයේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුව මේ වනවිට ලැබී ඇති බවයි.

මේ අතර ප්‍රාණඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුකර ගැනීමේ මෙම ක්‍රියාවලියේ අතරමැදියන් ලෙස කටයුතු කරනු ලබන්නේ රතු කුරුස සංවිධානයයි.

ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්, ඊශ්‍රායල ප්‍රහාරවලින් නිදහස් එක් රාත්‍රියක් ඊයේ (24) දින භුක්ති විඳි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් දින 04ක සටන් විරාමය අවසන් වීමෙන් පසු කුමක් සිදුවේ ද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත ප්‍රකාශයක් දෙපාර්ශ්වය විසින්ම සිදුකර නැහැ.

මේ අතර කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම තාවකාලික සටන් විරාමය තුළ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 50ක් සහ පලස්තීන රැඳවියන් 150ක් නිදහස් කිරීමට අදහස් කෙරෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වනදා සිට ඇවිලී ගිය මෙම යුද ගැටීම හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 14,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,200ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29
Video thumbnail
යාලුවව බලලා තනියම බැන බැන යන හිටපු ඇමති නිමල් සිරිපාල
00:24
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56