spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලය සහ හමාස් ගැටුම් මධ්‍යයේ පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ තුවාල ලැබූවන්ට වහා ප්‍රතිකාර ලබාදෙන ලෙසත්, මානුෂීය ආධාරවලට වැඩි වශයෙන් එම භූමියට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙසත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිනවා.

වතිකානුවේ සතිපතා ඇන්ජලස් යාඥාවේ දී අදහස් දක්වමින් පාප් වහන්සේ මේ බව කියා සිටියා.

ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගිය පුද්ගලයන් ද නිදහස් කළ යුතු බවයි පාප් වහන්සේ මෙහිදී සඳහන් කළා.

“සෑම මනුෂ්‍යයෙකුම, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම් හෝ කුමන ආගමක වුවද, සෑම මනුෂ්‍යයෙකුම පූජනීයය, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ වටිනාය, සාමයෙන් ජීවත් වීමට අයිතියක් ඇත.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එහි හෘද වාට්ටුව විනාශ වී ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් අල් කුඩ්ස් රෝහල තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි පලස්තීන රතු අඩසඳ සංවිධානය නිවේදනය කළේ.

මේ අතර හමාස් සංවිධානයේ මූලස්ථාන බවට පවසමින් ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රධාන රෝහල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?