ඊශ්‍රායලය සහ හමාස් ගැටුම් මධ්‍යයේ පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ තුවාල ලැබූවන්ට වහා ප්‍රතිකාර ලබාදෙන ලෙසත්, මානුෂීය ආධාරවලට වැඩි වශයෙන් එම භූමියට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙසත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිනවා.

වතිකානුවේ සතිපතා ඇන්ජලස් යාඥාවේ දී අදහස් දක්වමින් පාප් වහන්සේ මේ බව කියා සිටියා.

ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගිය පුද්ගලයන් ද නිදහස් කළ යුතු බවයි පාප් වහන්සේ මෙහිදී සඳහන් කළා.

“සෑම මනුෂ්‍යයෙකුම, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම් හෝ කුමන ආගමක වුවද, සෑම මනුෂ්‍යයෙකුම පූජනීයය, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ වටිනාය, සාමයෙන් ජීවත් වීමට අයිතියක් ඇත.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එහි හෘද වාට්ටුව විනාශ වී ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් අල් කුඩ්ස් රෝහල තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි පලස්තීන රතු අඩසඳ සංවිධානය නිවේදනය කළේ.

මේ අතර හමාස් සංවිධානයේ මූලස්ථාන බවට පවසමින් ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රධාන රෝහල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56