ඊශ්‍රායලය සහ පලස්තීනය දින 04ක සටන් විරාමයකට එකඟ වෙයි

මැදපෙරදිග අළු කරමින් ඇවිළෙන පලස්තීන – ඊශ්‍ර්‍රායල යුද්ධ දින 04කට නැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය අද සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අද උදෑසන 10 සිටයි මෙම දින 04ක සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ.

ලෝක බලවතුන් වන අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පවා විවිධ අවස්ථාවල දී ඊශ්‍රායලයෙන් මෙන් ම හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේ දින කිහිපයකට හෝ යුද්ධය නවත්වන ලෙසටයි.

නමුත් ඊට හමාස්වරුන් එකඟත්වය පළ කෙරුණ ද, එකවර කැමැත්තක් ඊශ්‍රායලයෙන් හිමි වූයේ නැහැ.

නමුත් මෙම යුද්ධය දින කිහිපයකට හෝ නැවැත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් කිසිදු නිල ප්‍රකාශයක් ද මෙතෙක් සිදු කර නොමැති බවයි BBC පුවත් සේවය පැවසුවේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ දී හමාස් සංවිධානය විසින් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ තීරණය ප්‍රමාද කර තිබෙනවා.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට දිනයේ දී හෝ සිය පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරනු ඇතැයි සිය රාජ්‍යය බලාපොරොත්තු වන බවයි.

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර අද පෙරවරුවේ දී දින 04ක සටන් විරාමය සම්බන්ධයෙන් වන නිල එකඟතාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පියවර යටතේ ඊශ්‍රායලය ද තමන් රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට නියමිත වුවත්; එය සිකුරාදා දිනයට පෙර සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රාණ ඇපකරු ලැයිස්තුවේ බොහෝ සිටින්නේ කාන්තාවන් සහ කුඩා ළමුන් බව ද පැවසෙනවා.

ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළමු ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කිරීමේ සාකච්ඡා තවමත් සිදු කෙරෙමින් පවතින බවයි.

එය දෙපාර්ශ්වයේ ම පූර්ණ එකඟතාවක් මත සිදු වන්නක් බවට ද වාර්තා වනවා.

කෙසේවෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රමාද වීම ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු ව නොමැති බවත්; නමුත් ඊට දෙපාර්ශ්වය ම කැමැත්ත පළ කර ඇති බවයි එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39