spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයෙන් සිරියාවට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

සිරියාවේ ඇලෙප්පෝ නගරය සහ ඒ ආසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (SANA) පවසනවා.

ඒ හේතුවෙන් තිස් අට දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මියගිය පුද්ගලයින් අතරට ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් පස් දෙනෙකු ද ඇතුලත් බව විදෙස් පුවත් සේවා සදහන් කර තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වූ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එක් අයෙකු ප්‍රාදේශීය ක්ෂේත්‍ර අණදෙන නිලධාරියෙකු බවද අනාවරණය වුණා.

සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද හමුදා මූලාශ්‍රයකට අනුව ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා එරට වේලාවෙන් ඊයේ (29) දින අලුයම 01:45 ට පමණ අදාළ ප්‍රහාරය දියත්කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය තවදුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?