ඊශ්‍රායලයෙන් සිරියාවට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

සිරියාවේ ඇලෙප්පෝ නගරය සහ ඒ ආසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (SANA) පවසනවා.

ඒ හේතුවෙන් තිස් අට දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මියගිය පුද්ගලයින් අතරට ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් පස් දෙනෙකු ද ඇතුලත් බව විදෙස් පුවත් සේවා සදහන් කර තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වූ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එක් අයෙකු ප්‍රාදේශීය ක්ෂේත්‍ර අණදෙන නිලධාරියෙකු බවද අනාවරණය වුණා.

සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද හමුදා මූලාශ්‍රයකට අනුව ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා එරට වේලාවෙන් ඊයේ (29) දින අලුයම 01:45 ට පමණ අදාළ ප්‍රහාරය දියත්කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය තවදුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39