ඊශ්‍රායලයට ජාත්‍යන්තර නීතිය කඩකළ බවට ලෝක අධිකරණයෙන් චෝදනා

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආධාර ලබාදීමේ ක්‍රියාවලියට බාධා කරනු ලැබූ බවත්, එතුළින් ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවත් එක්සත් ජාතීන්ගේ සහ පලස්තීන නියෝජිතයින් චෝදනා කර සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි මාර්තු 2 වන දින සිට, ඊශ්‍රායලය ගාසා තීරයේ මිලියන 2.3ක පදිංචිකරුවන්ට සියලු සැපයුම් සම්පූර්ණයෙන්ම කපා හැර තිබෙනවා.

මේ හේතුවෙන් ගාසා වැසියන් දැඩි අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ හිඟයක සිටින බවත් වසර ආරම්භයේ දී සටන් විරාමයක් අතරතුර රැස්කර තිබූ ආහාර තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සහ පලස්තීන නියෝජිතයින් චෝදනා කර සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ නීති උපදේශකවරයා පැවසුවේ, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමට සහ පහසුකම් සැලසීමට ආක්‍රමණික හමුදාවක් ලෙස ඊශ්‍රායලයට පැහැදිලි බැඳීමක් ඇති බවයි.

“වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල වත්මන් තත්වයේ නිශ්චිත සන්දර්භය තුළ, මෙම බැඳීම්වලට අදාළ සියලුම එක්සත් ජාතීන්ගේ ආයතනවලට දේශීය ජනගහනයේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ සැලසීම ඇතුළත් වේ” යනුවෙන් එලිනෝර් හැමර්ස්ක්ජෝල්ඩ් ප්‍රකාශ කළ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

පලස්තීන නියෝජිත අම්මාර් හිජාසි පැවසුවේ ඊශ්‍රායලය මානුෂීය ආධාර “යුද්ධ අවියක්” ලෙස භාවිතා කරන බවත්, ගාසා තීරයේ ජනතාව කුසගින්නට මුහුණ දෙන බවත් ය.

ඊශ්‍රායලය තම ස්ථාවරය ලිඛිතව නඩු විභාගයට ඉදිරිපත් කළ බවත්, මෙහිදී ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පැවසුවා.

අද (28) පැවති මෙම නඩු විභාගයේ දී අධිකරණය දේශපාලනීකරණය වෙමින් පවතින බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා සටන්කාමී කණ්ඩායම්වල සාමාජිකයින් වන එහි පලස්තීන සරණාගත ඒජන්සියේ UNRWA සේවකයින් මුලිනුපුටා දැමීමට අපොහොසත් වන බවත් අවධාරණය කෙරුණා.

ලෝක අධිකරණය ලෙස ද හැඳින්වෙන ICJ හට දෙසැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රාජ්‍යයන් සහ ජාත්‍යන්තර කණ්ඩායම් විසින් පලස්තීනුවන්ට ලබා දෙන ආධාර සඳහා පහසුකම් සැලසීමට ඊශ්‍රායලයේ බැඳීම් පිළිබඳ උපදේශන මතයක් සැකසීමේ කාර්යය පැවරුණු බවත් රොයිටර්ස් වාර්තා කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32