ඊයේ රෑ IPL පිටියේ ගිණිකෙළි සංදර්ශනයක් මැවූ වෝනර්ගෙන් විස්සයි විස්ස නව වාර්තාවක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස පිටියේ නව වාර්තාවක් පිහිටුවීමට ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී සමත් වුණා.

ඒ විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

වෝනර් මේ වනවිට පන්දුවාර විස්සයි විස්ස පිටිය තුළ වැඩිම අර්ධ ශතක ලාභීන් අතර මුල්තැන පසුවන්නේ සිය පිත්තෙන් අර්ධ ශතක 89ක් රැස්කර ගනිමින්.

විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතර දෙවන තැන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් පසුවනවා.

ඒ අනුව ඔහු රැස්කරගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 88ක්.

මෙහි තෙවන තැන ඉන්දීය පිතිකරු විරාට් කෝලී පසුවන්නේ විස්සයි විස්ස පිටිය තුළ අර්ධ ශතක 77ක් රැස්කර ගනිමින්.

සන්‍ රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 92ක් රැස් කළේ පන්දු 58කට මුහුණ දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28