ඊයේ මිරිහානේ උද්ඝෝෂණයෙන් සිදු වූ හානිය දළ වශයෙන් ඇස්තමේන්තු කරයි

‍ඊයේ (3) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය ආරම්භ කළ මොහොතේ සිට පැය හතරහමාරක් යනතුරු ශ්‍රී ලංකා පොලිසිය රටේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරමින් ජනතාවගේ අයිතීන් සුරකින්නට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

නමුත් ජනතාව මාර්ගය අවහිර කිරීමත් , ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීමත් සමග පොලිසියට බලය පාවිච්චි කිරීමට සිදු වූ අතර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම සිදුවීමෙන් පොලිස් බස් රථ 3කට අලාභ හානි සිදු වී ඇති අතර, යුද හමුදාවට අයත් බස් රථයක්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදි 2ක් සහ පොලිසියට අයත් ජීප් රථයකටත් අලාභ හානි කර ඇති බවද ඒ මහතා කියා සිටියා

එමෙන්ම සිදු කළ ගණනය කිරීම්වලදී උද්ඝෝෂණය හේතුවෙන් සිදු වී ඇති හානියේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 39කට අධික බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ.

උද්ඝෝෂණයට සහභාගී වූ එක් සැකකාරියක් සහ සැකකරුවන් 52 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී පොලිස් නිලධාරීන් 24ක් ද තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම මෙලෙස ජනතාව ප්‍රකෝපකාරී ලෙස පෙළඹවීම සමාජ ජාලාවලින් හෝ සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13