ඊයේ මහ රෑ මුළු රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු

රාගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන කුඩා දරුවන් ඇතුලු 5 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මෙම සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

නුවරඑළිය රාගල වත්තේ මැද කොටසේ පිහිටි නිවසක් ඊයේ රාත්‍රියේ මෙලෙස ගිනි ගැනීමට ලක්වුණා.

එම සිද්ධියෙන් මියගිය පස්දෙනාගේ සිරුරු නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

මෙම සිද්ධියෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු එම දරුවන්ගේ මව සීයා සහ මිත්තණිය මරණයට පත්වුනා.

ඊයේ (07) රාත්‍රී එම නිවසේදී මියගොස් ඇති අවුරුදු 1ක් වයසැති දරුවාගේ උපන්දින සාදය පවත්වා ඇති අතර රාත්‍රී 10.30ට පමණ ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඊයේ රාත්‍රී 10.15ට පමණ ගිනිගැනීමට ලක්වූ නිවස පිහිටි ප්‍රදේශයෙන් පුද්ගලයෙකු කෑගසන හඬ ප්‍රදේශවාසීන්ට ඇසී තිබුණා.

ඒ අනුව ප්‍ර දේශවාසීන් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී දැකගැනීමට ලැබී ඇත්තේ අදාළ නිවස ගිනිගනිමින් තිබෙන ආකාරයයි.

ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද ඒවන විටත් ගින්න නිවස පුරාම පැතිරීගොස් තිබුණා.

ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඉන් පසුවයි.

පසුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි මව පියා, ඔවුන්ගේ දියණියක් සහ එම දියණියගේ දරුවන් දෙදෙනා ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

59 හැවිරිදි රාමයියා තංගයියා, 54 හැවිරිදි සිවනුමුත්තු ලෙච්චමී, 32 හැවිරිදි ජෙයකුමාර් නදියා, 11 හැවිරිදි සහ අවුරුද්දක් වයසැති දරුවන් දෙදෙනා මෙම සිද්ධියෙන් මියගියා.මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරන අතර, රජයේ රස පරීක්ෂකවරයාද ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44