ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු 64 දෙනෙක් පුනරුත්ථාපනයට

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ” රටම එකට” ජාතික මෙහෙයුම මඟින් ඊයේ (17) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම් මඟින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකරුවන් 931දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 177ක් සහ හෙරොයින් ග්‍රෑම් 677ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ති බායි වාර්තා වන්නේ.

වැටලීම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 දෙනෙක්ට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 64 දෙනෙක් පුනුරුත්තාපන ක්‍රියාවලිය සඳහා යොමිකර තිබෙනවා.