ඊයේ තරගයෙන් පසු කුසල් මෙන්ඩිස් මාධ්‍ය අමතා කියු කතාව

ඊයේ තරගයේදී ඉතා සාර්ථක පිතිහරබයක නිරත වූ කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දෙවන එක්දින තරගයේදී ඔස්ට්‍රේලියාවට හොඳ තරගයක් ලබාදීමට බලාපොරොත්තුවන බවයි

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

“පාසලේ 19 පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දිත් කඩුලු රකින්නා විදිහට කටයුතු කරලා තිබෙනවා. මම ජාතික කණ්ඩායම ආවට පස්සේ තමයි, කඩුලු රකින්නෝ තුන් හතර දෙනෙක් හිටපු නිසා මට ඒක හම්බුණේ නැත්තේ. දැන් මට ඒක හම්බෙලා තියෙනවා. ඒක විශේෂ දෙයක් විදිහට සලකන්නේ නැහැ. මම කලින් කරලා තියෙන හින්දා. අමාරුයි කියලා දෙයක් නැහැ. මොකද මට ටිකක් ලේසියි. මොකද අපි මුලින්නම බෝල් කරොත් මට කීප් කරලා බැට් කරද්දි මට තේරෙනවා විකට් එක මොන විදිහටද හැසිරෙන්නේ කියලා. ඉතින් කඩුලු රකින එකේ පොඩි වාසියකුත් තියෙනවා. ආසාවෙන් කරන්නේ. කැමැත්තෙන් කරන්නේ. මට පන්දු රකින්න හම්බුණත්, කඩුලු රකින්න හම්බුණත්. දෙකේ වෙනසක් නැහැ. මම ගොඩක් කැමැත්තෙන් ඒ දේ කරන්නේ. වනිඳුට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ වෙලාවේ පොඩ්ඩක් කකුල ඇඳුනා කියලා කිව්වේ. ඉතින් එහෙම ලොකු අමාරුවක් නැහැ කියලා හිතනවා. එයා ඇතුළට ගියේ එයාගේ ඕවර් ටික දාලා. මොකද අපි ඊළඟ තරගය සෙල්ලම් කරන්න ඕන හින්දා. මම හිතනවා එයාට ඊළඟ මැච් එක සෙල්ලම් කරන් පුළුවන් වෙයි කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12