ඊයේ උදෑසන සිට ඇරැඹුණු මහා දුම්රිය වැඩ වර්ජනය

බ්‍රිතාන්‍යයේ ඊයේ ( 21 ) උදෑසන සිට ඇරැඹුණු මහා දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් සියලු ප්‍රධාන දුම්රිය ස්ථාන පාළුවට ගොස් ඇති අතර උමං දුම්රිය වර්ජනයක්ද සමඟ ඇරැඹුණු මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි . ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙනත් ක්‍ෂේත්‍ර වලද වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වී මේ සූදානමක් ඇත . බ්‍රිතාන්‍යයේ ඇති වූ මෙම දුම්රිය වැඩ වර්ජනය වසර 30 කට පසු ඇති වූ දුම්රිය වැඩ වර්ජනයක් ලෙස හැඳින්වේ . අහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන තෙදින තුළ බ්‍රිතාන්‍යයේ දුම්රිය මාර්ගවලින් අඩක දුම්රිය ධාවනය නවතා ඇත .

ජාතික දුම්රිය වෘත්තීය සමිතිය , නාවික ප්‍රවාහනය සහ ප්‍රවාහන සේවකයන් එක්ව මෙම වර්ජනය දියත් කර ඇත්තේ ඔවුන්ගේ වැටුප් , රැකියා සහ සේවා කොන්දේසි මත ඇති ගැටලු සම්බන්ධයෙන් බව කියැවේ මෙම දුම්රිය වර්ජනයෙන් බ්‍රිතාන්‍ය පුරා දස ලක්ෂ ගාණක් මගී ජනතාවට සංචාරකයන්ට සහ විභාගවලට පෙනී සිටින සිසුන්ට බාධා සහඛේදනීය තත්ත්වයක් ඇති කිරීමට වර්ජකයන් බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ The Independent පුවත්පත කියයි . ජීවන වියදම දරාගත නොහැකි වීම නිසා මෙම වර්ජන ක්‍රියා මාර්ගයට අවතීරණ වන බවට තවත් බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති අනතුරු හඟවති . ඒ අතර 12 % ක වැටුප් වැඩිවීමක් ඉල්ලන ගුරු වෘත්තීය සමිතිද , වෛද්‍ය සංගම්ද , ගුවන්තොටුපොළ , ටෙලිකොම් සේවකයන්ද තැපැල් , බස් , කසළ ඉවත්කරන සේවකයෝ ද වෙති . අපරාධ නීති බැරිස්ටර්වරුන්ද ජුනි 27 වැනිදා සිට වර්ජනයකට සැරසෙති.

ඊයේ ( 21 ) කැබිනට් රැස්වීමකට සහභාගි වෙමින් බ්‍රිතාන්‍ය අගමැති බොස් ජොන්සන් පැවසුවේ දුම්රිය සේවාවේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවය වෘත්තීය සමිති නායකයන් Network Rail දුම්රිය සමාගම සහ අනෙකුත් දුම්රිය සමාගම් සමඟ එකට වාඩි වී සාකච්ඡා කිරීම අවශ්‍ය බවද ඔහු කීය . දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත් වීමක් නොකරන බවත් එවැන්නකින් පවතින තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් පවසයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46