නව කැලණි පාලම 25 වන දින සවස 3.00 පමණ වන විට මහජනතාවට භාවිතයට

නව කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර මහත්මිය සඳහන් කළේ,ඊයේ දින පැවැත්වූ සමාරම්භක උත්සවයින් අනතුරුව මාර්ගය පිරිසිදු කිරීමෙන් පසු සාමාන්‍ය ජනයාට නව කැලණි පාලම විවෘත වන බවයි. අද සවස 3 පමණ වන විට නැවත නව කැලණි පාලම විවෘත කිරීමට උපරිමෙන්ම උත්සහ කරන බව ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මහාමාර්ග අමාත්‍යාංශය පවසා සිටියේ, ඊයේ දිනයේ උත්සවයෙන් පසු මාර්ගය හා එම ස්ථානය පිරසිදු කිරීමට නව කැලණි පාලම වසා ඇති බවත් අද සවස 3 පමණ වන විට නැවතත් එම මාර්ගය විවෘත කිරීමට හැකි වන බවයි.