ඉහළ යන බංග්ලාදේශ ක්‍රිකට් අර්බුදය සහ නස්මුල් ඉස්ලාම්

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම විකාර සහගත තත්ත්වයකට ඇද දමා ඇතැයි ක්‍රීඩා විචාරකයන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2026 T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය නිල වශයෙන් ඉවත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත, එහි මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස නස්මුල් ඉස්ලාම් නැවත පත් කිරීමෙන් මණ්ඩලය ක්‍රීඩකයින් පාවා දී ඇති බවයි.

අර්බුදය ඇවිළුණේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවා ප්‍රසිද්ධියේ විවේචනය කරන ලද බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු වන එම් නස්මුල් ඉස්ලාම් ගේ අදහස් දැක්වීමක් හේතුවෙන්.

ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය විසඳීමට ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය සමග සංවාදයක නිරත විය යුතු යැයි බංග්ලාදේශයේ හිටපු නායක තමීම් ඉක්බාල් කළ යෝජනාවෙන් පසුව නස්මුල් ප්‍රසිද්ධියේ තමීම් ” ඉන්දියානු නියෝජිතයෙකු” ලෙස ලේබල් කළා.

අපහාස එතැනින් නතර වූයේ නැහැ.

බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවත් වුවහොත් ක්‍රීඩකයින්ට වන්දි ලැබීමට සුදුසු නොවන බව පැවසූ නස්මුල් යෝජනා කළේ සංචිතය ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ විට මණ්ඩලය ක්‍රීඩකයින්ගෙන් මුදල් ආපසු අය කර ගත යුතු බවයි.

නස්මුල්ගේ ප්‍රකාශයෙන් ක්‍රීඩකයින් ඇවිළුණු අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් , නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මෙහිඩි හසන් මිරාස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය වර්ජනය කළා.

විරෝධතා හේතුවෙන් නස්මුල්ට එරෙහිව පියවර ගැනීමට පාලක මණ්ඩලයට සිදු වුණේ තරගාවලිය සහ එහි විකාශන ආදායම ආරක්ෂා කර ගත යුතු වූ බැවිනුයි.

ඒ අනුව නස්මුල් මූල්‍ය ප්‍රධානී තනතුරෙන් “නෙරපා හැර” නිදහසට කරුණු දක්වන ලෙස BCB දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය අවසානයේ ඔවුන්ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටි බව විශ්වාස කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් නැවත පිටියට පැමිණීමට තීරණය කළ ද ඔවුන්ගේ සතුට කෙටි කාලයකට සීමා වුණා.

දේශීය ගැටලුව විසඳී තිබියදී, ICC යේ බලා සිටීම අවසන් වූ අතර බංග්ලාදේශය T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මත ස්කොට්ලන්තය ආදේශ කෙරුණා.

මෙම කතාවේ වඩාත්ම නරුම පරිච්ඡේදය සිදු ව ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එහි මූල්‍ය කමිටු ප්‍රධානියා ලෙස නස්මුල් ඉස්ලාම් නැවත පත් කර තිාබනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහුගේ නිදහසට කරුණු දැක්වීම් සතුටුදායක බව තීරණය කිරීමෙන් පසු නස්මුල් යළි සුපුරුදු තනතුරට පත් කරනු ලැබ ඇතැයි සඳහන්.

  1. මෙහෙත් ඔය වගේමයි.. කිසි වෙනසක් නෑ. ඔය හිටපු එවුන්වම ආපහු තේරීම් කමිටුවට දාල තියෙන්නෙ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36