ඉහළ අහසේ ගමන් කරමින් තිබූ යානයක ජල කාන්දුවක් (වීඩියෝ)

ගුවන්ගත වී ගමන් කරමින් තිබූ ගුවන් යානයක මගී ආසනවලට ඉහළින් පිහිටි කොටසකින් ජලය කාන්දු වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එයාර් ඉන්දියා (Boeing B787 Dreamliner) ගුවන් යානයක් වන මෙය නවදිල්ලි නුවර සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරමින් සිටියදීයි මෙම අත්දැකීමට මුහුණ දීමට මගීන්ට සිදුවී ඇත්තේ.

ගුවන් යානය තුළ ජලය කාන්දු වීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ගුවන් යානයේ එක් කොටසක මගීන් රැස්ව සිටින අතර අනෙක් කොටස හිස්ව පවතින ආකාරය එහි සඳහන්. මෙම සිදුවීමත් සමග ගුවන් යානයේ නියමුවා මගීන් අමතන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණ ද එම සන්නිවේදනයේ සමස්ත තොරතුරු වීඩියෝවේ දැක්වෙන්නේ නැහැ.

එයාර් ඉන්දියා බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් දිල්ලි සිට ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපළ දක්වා පියාසර කරන අතරතුර මෙම සිදුවීම සිදු වූ බව ට්විටර් පරිශීලකයෙකු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජලය කාන්දු වීමට හේතුව තවමත් නිශ්චය කර නැහැ.

ඇතැම් විට ගුවන්යානයේ ඝණීභවනය වූ හිම මෙලෙස දියවී යන්නට ඇති බවට ද ඇතැම් ට්විටර් පරිශීලකයන් සඳහන් කර තිබෙනවා.

2018 වසරේදී ද ෆ්‍රෑන්ක්ෆර්ට් සිට දිල්ලිය දක්වා පැමිණෙමින් සිටියදී මෙවැනි සිදුවීමකට තමා මුහුණ දුන් බව එක් ට්විටර් පරිශීලකයෙකු සඳහන් කර තිබෙනවා.

මෙය සාමාන්‍ය දෙයක් වන අතර ගුවන් සේවිකාව සඳහන් කර තිබී ඇත්තේ එය නතර වන තෙක් ඉවත්ව සිටින ලෙසටයි.

විනාඩි 10 කට පසුව එය යථා තත්ත්වයට පත්වූ අතර ඇතැම්විට වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවටයි එම ගුවන් මගියා ප්‍රකාශකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12