ඉහළ අහසේ ගමන් කරමින් තිබූ යානයක ජල කාන්දුවක් (වීඩියෝ)

ගුවන්ගත වී ගමන් කරමින් තිබූ ගුවන් යානයක මගී ආසනවලට ඉහළින් පිහිටි කොටසකින් ජලය කාන්දු වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එයාර් ඉන්දියා (Boeing B787 Dreamliner) ගුවන් යානයක් වන මෙය නවදිල්ලි නුවර සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරමින් සිටියදීයි මෙම අත්දැකීමට මුහුණ දීමට මගීන්ට සිදුවී ඇත්තේ.

ගුවන් යානය තුළ ජලය කාන්දු වීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ගුවන් යානයේ එක් කොටසක මගීන් රැස්ව සිටින අතර අනෙක් කොටස හිස්ව පවතින ආකාරය එහි සඳහන්. මෙම සිදුවීමත් සමග ගුවන් යානයේ නියමුවා මගීන් අමතන ආකාරය ද එම වීඩියෝවේ සටහන්ව තිබුණ ද එම සන්නිවේදනයේ සමස්ත තොරතුරු වීඩියෝවේ දැක්වෙන්නේ නැහැ.

එයාර් ඉන්දියා බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් දිල්ලි සිට ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපළ දක්වා පියාසර කරන අතරතුර මෙම සිදුවීම සිදු වූ බව ට්විටර් පරිශීලකයෙකු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජලය කාන්දු වීමට හේතුව තවමත් නිශ්චය කර නැහැ.

ඇතැම් විට ගුවන්යානයේ ඝණීභවනය වූ හිම මෙලෙස දියවී යන්නට ඇති බවට ද ඇතැම් ට්විටර් පරිශීලකයන් සඳහන් කර තිබෙනවා.

2018 වසරේදී ද ෆ්‍රෑන්ක්ෆර්ට් සිට දිල්ලිය දක්වා පැමිණෙමින් සිටියදී මෙවැනි සිදුවීමකට තමා මුහුණ දුන් බව එක් ට්විටර් පරිශීලකයෙකු සඳහන් කර තිබෙනවා.

මෙය සාමාන්‍ය දෙයක් වන අතර ගුවන් සේවිකාව සඳහන් කර තිබී ඇත්තේ එය නතර වන තෙක් ඉවත්ව සිටින ලෙසටයි.

විනාඩි 10 කට පසුව එය යථා තත්ත්වයට පත්වූ අතර ඇතැම්විට වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවටයි එම ගුවන් මගියා ප්‍රකාශකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56