කුඩා දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලු කළ මව අත්අඩංගුවට

මවක්, අවුරුදු එක හමාරක් වයසැති සිය දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩප්පුව, කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු අදාළ මව පෙරේදා (02) පස්වරුවේ සිය දැරිය මෙලෙස ඉස්සන් වගාකළ ටැංකියට තල්ලුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව අදාළ දැරිය ටැංකියෙන් ගොඩගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇය අද (04) දින පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42