spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉස්සටහට අපි උද්ධමනයෙන් වෙනිසියුලාව පහු කරනවා…

වසර කිහිපයක් තිස්සේ වෙනිසියුලාව මුහුණ දෙමින් සිටින බරපතල ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට අසාර්ථක රාජ්‍යයන් අතරට එක්වෙමින් පවතී.දරා ගත නොහැකි උද්ධමනය, විදුලිය බිද වැටීම, ආහාර හිගය, සෞඛ්‍ය පහසුකම් පහත බැසීම, මිලයන ගණනක් වෙනිසියුලානුවන් රට හැර යෑම මේ වන විට වෙනිසියුලාව මුහුණ දී ඇති අතුරු අර්බුධ වලින් කිහිපයකි.

මෙවැනි තත්ත්වයක් තිබියදීත් හිටපු ජනපති නිකොලායි මධුරෝ නැවතත් වෙනිසියුලාවේ ජනපති ධූරයේ දිවුරුම් දෙන්නට සූදානම් වන්නේ තවත් වසර 6කටය.

ඔහුගේ දේශපාලනය යටතේ පවතින වෙනිසියුලාවේ ආර්ථිකයට මේ සිදුවී ඇත්තේ කුමක්ද?

වෙනිසියුලාවේ මුදල් ඒකකය ක්‍රමයෙන් පහත වැටෙන්නට පටන් ගැනීමත් සමග භාණ්ඩ මිල ඉතා වේගයෙන් අහස උසට ඉහළ ගියේය. මෙය අති උද්ධමනය ලෙස හැදින්වේ. එනම් මූලික අවශ්‍යතා සපුරාලන භාණ්ඩ පවා ඉතා වේගයෙන් ඉහළ යෑමයි.

මේ වන විට වෙනිසියුලාවේ උද්ධමන වේගය පසුගිය මාස 12ක කාලය ඇතුලත 1,300,000% ලෙස දැක්වේ(ලංකාවේ දැනට එය 119% අගයක් ගනිමින් ඇතා . එය අපට අදහා ගත නොහැකි තරමේ මිල ඉහළ යෑමකි. සෑම දින 19කට වරක්ම වෙනිසියුලාව තුළ සෑම භාණ්ඩයකම මිල දෙගුණ වන්නේය.

105051358 datapic venezuela inflation 328g9 nc 1
සෑම දින 19කට වරක්ම වෙනිසියුලාව තුළ සෑම භාණ්ඩයකම මිල දෙගුණ වන්නේය.

උදාහරණයක් වශයෙන් වෙනිසියුලාවේ අගනුවර කෝපි කෝප්පයක මිල එරට මුදල් ඒකකය බොලිවාර්ස් 400කි. එනම් ඩෝලර් 0.62කි.

වෙනිසියුලාව යනු සැබවින්ම ලොව පොහොසත්ම රටවලින් එකක් වීමේ වාසනාව තිබූ රටකි මන්ද එය සතුව ලොව විශාලතම ඉන්ධන සම්පත හේතුවෙනි. නමුත් ඔවුන් ඉන්ධන මතම යැපෙන්නට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ අපනයනයන්ගෙන් සියයට 95ක්ම ඉන්ධන මත රදා පැවතිණි.

නමුත් 2014 වසරේ ඉන්ධන මිල පහත බැසීමත් සමග ඔවුන්ගේ අපනයන ආදායම සීග්‍රයෙන් පහත බසින්නට විය. සියලු භාණ්ඩ විදේශයන් මගින් ආනයනය කළ වෙනිසියුලාවේ ආනයන ආදායම සීගයෙන් ඉහළ ගියේ අපනයන ආදායම දරා ගත නොහැකි ලෙස පහත හෙලීමත් සමගිනි.

මන්ද ඔවුන්ගේ මුදල් ඒකකය පහත වැටීමත් සමග විදේශීය මුදල් ඒකක ඉහළ අගයක් ගැනීමත් හේතුවෙනි. වෙනිසියුලාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අති උද්ධමනයට හේතුව මෙයයි
එමෙන්ම රජය අමතර මුදල් මුද්‍රණය කිරීමට පෙළඹීමත් මෙයට හේතු විය. තවද වෙනසියුලා රජය ණය ලබා ගැනීමද ඉහළ යන ලදී.

මූලික ලෙසම රජය මීට මූලික පිළියම ලෙස නව මුදල් ඒකකයක් හදුන්වා දෙනු ලැබී අතර එය “sovereign bolivar”ලෙස හැදින්වීය. ඒ අනුව නෝට්ටු අටක් 2,5,10,20,50,100,200 සහ 500 ලෙස විය.
නමුත් මෙම මුදල් ඒකකයද හදුන්වා දුන් දිනයේ සිට එය පහත වැටීම ආරම්භ විය. දිගින් දිගටම අවම වැටුප් ප්‍රමාණය ඉහළ දමන්නට සිදු විය. නව විසදුමක් සදහා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අසාර්ථක විය.

වෙනිසියුලානුවන් පිරිසක් හදවතින්ම පවතින රජයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියදී තවත් පිරිසක් 2014 වසරේ සිට රට හැර යමින් සිටී.

105051360 venezuela map migration destinations 2 640 nc 570x600 1
වෙනිසියුලානු වැසියන් ප්‍රධාන වශයෙන් සංක්‍රමනය වන රටවල්

එක්සත් ජාතීන්ගේ වාර්ථාවන්ට අනුව සමස්ත ජනගහනයෙන් 10%ක් පමණම රට හැර ගොස් ඇති අතර ඔවුන් වැඩි වශයෙන් සංක්‍රමණය වන්නේ බටහිර අර්ධගෝලයේ පිහිටි රටවල් වලටයි.

කොලොම්බියාව, පේරු,චිලී,සහ දකුණු බ්‍රසීලයටද ඔවුන් වැඩි වශයෙන් සංක්‍රමණය වී ඇත. වෙනිසියුලානුවන් 200000මේ වන විට ස්පාඤ්ඤයට සංක්‍රමණය වී ඇති අතර ඔවුගෙන් බෙහෝමයක් 1950-60 වසර වලදී වෙනිසියුලාවට ස්පාඤ්ඥයේ සිට පැමිණි ස්පාඤ්ඤ ජාතික දෙමවුපියන්ගේ දරුවන්ය.

ජයේ සියලු උත්සහයන් පසෙක ලා වැඩිවෙමින් පවතින භාණ්ඩ මිල ජන ජීවිත වලට දැඩි බලපෑම් එල්ල කරමින් සිටී. මේ වන විට ඔවුන්ගේ අවම මාසික වැටුප බොලිවාර්ස් 4500කි. එරට සුපිරි වෙළද සැල් වල ඉතිරිව ඇත්තේ හිස් රාක්කවලිනි. මේ මෙහෝත වන විට ජලය හිගයක්ද විදුලිය නොමැති වීමද ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය බිද වැටීමද සිදුවෙමින් පවතී.

278432408 976109653044299 8248096429034272198 n
මේ ලංකාවේ සබන් කැටවල මිල වෙනස් වුණ හැටි…..වෙනිසියුලාවටත් එහා අපි නවතින්නේ

විදුලිය නොමැති වීමත් ඒ හෝතවෙන් ජලය නොමැති වීමත් හේතුවේන් රටේ සෞඛ්‍යය පහසුකම්ද සැලසිය නොහැකි තත්ත්වයක් ඉස්මතුව ඇත. දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය ද මේ වන විට ඉහළ ගොස් ඇත.

මේ තියෙන්නේ වෙනිසියුලාවේ මුදල් වලින් එරට සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න යන මුදල් ප්‍රමානයන්.ඔබටත් හිතා ගන්න අමාරු නැහැ නේද ඉස්සරහට ලංකාවට මොනවගේ දෙයක් වෙයි ද කියලා… ?

වෙනිසියුලාවේ වෙළඳ භාණ්ඩවල මිල

වෙනිසියුලාවේ විතරක් නෙමෙයි අපි ලංකාවෙත් සාමාන්ය පාරිභෝගික භාණ්ඩ වලට මොක්ද වුනේ කියලා පොඩ්ඩක් හොයලා බලමුකෝ.මේ තියෙන්නේ සාමාන්‍යයෙන් එදිනදා අපිට අවශ්‍යම ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල.

278813933 10222064150605215 7010563585970866837 n
ලංකාවේ උද්ධමන වේගය සහ දර්ශකයේ අපි ඉන්න තැන

සටහනේ අවසානයට මම ඔබට යෝජනාවන් හෝ විවේචනයක් ඉදිරිපත් කරන්නට හෝ දේශපාලනයට බැන වදින්නට මහන්සිවෙන්නේ නැහැ.හැබැයි අපි ඉන්නේ ගිලෙන නැවක ගැට්ට උඩට වෙලා වතුරට ගල් කැට විසි කර කර බලනවා වගේ වැඩක් කරන ගමන්…

ඉක්මනින් බෝට්ටුවකට නැගගෙන ගොඩබිමකට යන්න බැරි වුණොත් සමහර විට ඔයාටත් මටත් මේ නැවත් එක්කම ගිලෙන්න වෙන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් දන්න සෙල්ලම් ඔක්කොම දාලා නැව නොගිලී තියා ගන්නත් උත්සාහ කරන්න පුලුවන්.

කැමති තීරණයක් අරන් ඒ වෙනුවෙන් වැඩ කරන්න.
ජය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?