ඉස්කෝලෙදි ඇස් වලින් කතාකළ පිරිමි ළමයා තාම බැඳලත් නැහැ

‘ඉස්කෝලේ කාලේ’ විශේෂාංගයෙන් මෙවර සඳැල්ල හා එකතු වෙන්නේ කලා ක්ෂේත්‍රයේ විවිධාකාර අංශ වලින් විශිෂ්ටතා දක්වමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් සම්මානනීය කලාකාරිනියක්. ඇය නමින් නිරංජනී ශන්මුගරාජා.

මම ඉස්කෝල දෙකකට ගියා. පුංචිම කාලේ ගියේ රජවල ටැමිල් නැෂනල් කොලේජ් එකට. එතැනින් පස්සෙ 8 වසරේ සිට මම ඉගෙන ගත්තෙ නුවර බදුරුදීන් මස්මුත් ගර්ල්ස් නැෂනල් කොලේජ් එකේ.

ඉතින් ඒ කාලේ මම උපරිම දඟ ළමයෙක්. ඒ වගේම ගොඩක් දක්ෂයි. ඉගෙනීමේ වැඩ කටයුතුත්, කලා අංශයේ නැටුම්, ගැයුම් හැමදේටමත් හොඳ කුසලතාවයක් තිබිලා තියෙනවා. පන්තියේත් කොහොමත් පුංචිම කාලෙ ඉඳලම පළමු, දෙවන, තෙවන ස්ථාන වගේ තමයි අරගෙන තියෙන්නෙ.

ඉතින් ඒ කාලෙ පුංචිම අවධියේ නම් මම ගිහින් තියෙන්නෙ මිශ්‍ර පාසලකට. ඒ ඉස්කෝලෙදි පිරිමි ළමයි එක්ක එකතුවෙලා කරලා තියෙන්නෙම චණ්ඩි නසරාණි වැඩම තමයි. ඉතින් ඒ කාලෙදි මම පහ වසරේදී පිරිමි ළමයෙකුට දවස් දෙකක් රෝහලේ ඉන්නම හොඳ පාරක් දීලා තියෙනවා. ඒ ළමයා පෙර පාසල් යන කාලෙ ඉඳන්ම මගෙත් එක්ක ඉගෙන ගත්තෙ එකට. ඉතින් ඒ අවුරුදු ගානම මගේ යාළුවෙක්. ඒ අවුරුදු ගානෙදි 5 වසරේදී මම එක වරක පන්ති නායිකාව වුණා. ඉතින් ඒ පන්තියෙ ඉද්දි එක දවසක ගුරුවරුන්ට රැස්වීමක් තිබුණා. ඒ වෙලාවට පන්තිවල කවුරුත් නැහැනෙ. මමනෙ ඉතින් පන්ති නායිකාව. මමනෙ පන්තිය බලා ගන්න ඕනෑ. ඉතින් මේ පිරිමි ළමයා පන්තියෙ කෑ ගහනවා. ඉවරයක් නැහැ. කිව්වට අහන්නෙත් නැහැ. ඉවසන්න බැරි තැනම මම දුන්නා හොඳ පාරක්. ඒ පාරට ඒ ළමයා කලන්තෙ දාලා බිම ඇදගෙන වැටුණා. ඒ වැටුණ එක ආරංචි වෙලා කලබලේට ගුරුවරුත් එතැනට එනවා. ඒ වෙලාවෙ මට බය හිතුණා. ඉතින් මම කළේ ඈතින් ගුරුවරු එනවා දකිද්දි මමත් ඔලුව අල්ලගෙන බිම ඇදගෙන වැටුණා. කොහොමත් ඒ කාලෙ ඉඳන්ම රඟපාන්න පොඩි දක්ෂතාවයක් තිබුණා. ඉතින් මාව සික්  රූම් එකට දාලා මගෙන් ගුටි කාපු පිරිමි ළමයාව රෝහලට ගෙනිච්චා. මේ සිද්ධිය අපේ ගෙවල්වලටත් දැනුම් දීලා අපේ ගෙදරින් අම්මා තමයි ආවේ. ඒ එද්දි මට හොඳට මතකයි කිරි පැකට් දෙකක් අරන් ආවා. අම්මා සාමාන්‍යයෙන් දන්නවා ඉස්කෝලෙන් එන්න කියද්දිම මම මොනවා හරි ජල්තර වැඩක් කරලා තමයි කියලා. ඒ එද්දි අම්මා මට බැන බැන තමයි ආවෙත් අද කාවද තෝ මරන් කෑවේ කියලා. ගෙදරින් කොච්චර දඬුවම් වින්ඳත් මට ඇත්තටම ඒවා ගානක්වත් නැහැ. එච්චර සිද්ධියක් වෙලා තියෙද්දිත් මම අම්මාගෙන් ඒ වෙලාවෙ ඇහුවෙ ගෙනාපු කිරි පැකට් දෙක වැනිලාද? චොක්ලට්ද කියලා? අම්මා ඒ වෙලාවෙ මට කිව්වා කිරි පැකට් නෙමෙයි උඹට වහ ටිකක් තමයි දෙන්න ඕනා කියලා. තවත් වතාවක ස්පෝට් මීට් කාලෙ ලොකු සිද්ධියක් වුණා. ඒ මම ඩිස්ක් එක දාද්දි ඒක විසිරිලා ගිහින් ළමයෙක්ගේ ඔළුවෙ වැදිලා ඔළුව පැලුණා. තව ටිකක් පහළට ගිහින් වැදුණානම් ඇහැ ඉවරයි. මගේ පෙර පිනකට වගේ තමයි ඒ ළමයා බේරුණෙ. මම ඒ සිද්ධිය වුණාට පස්සෙ ගිහින් හැංගුණා. මගේ යාළුවා මාව ටොයිලට් එකේ තමයි හැංගුවේ. ඒ ළමයාව රෝහලට ගෙනිච්චට පස්සේ තමයි මම එළියට ආවේ. ඒ වගේම ටීච කෙනෙක්ගෙ ඔළුව පැළිලත් තියෙනවා මම ගහපු බෝලයක් ගිහින් ටීචගෙ ඔළුවෙ වැදිලා. ඒ ටීච සතියක් ඉස්කෝලෙ ආවෙත් නැහැ.

අපේ අක්කත් මමත් එකම ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ. ඉතින් මම කරන වැඩවලට අක්කට හැමදාම වගේ එන්න වෙනවා ඔෆිස් එකට. මම කරන වැඩ නිසා අක්කාත් අපහසුතාවයට පත්වෙනවා ඉතින්. එක වතාවක මට මතකයි බස් ස්ට්‍රයික් එකක් තිබුණා. ඉතින් මමයි මගේ යාළුවො දෙන්නයි කළේ ඉස්කෝලෙ ළඟ ඉඳලා ගෙදරට එනකම්ම කිලෝමීටර් 6ක් ඇවිදගෙන ආවා. අපි අයිස් පැකට් කකා, රටකජු කකා හිමින් ගෙදර එද්දි හවස පහයි. ඒ වෙද්දි අක්කත් කොහොමහරි ගෙදර ගිහින්. මම නෑ කියලා ගෙදරින් හොඳටම බයවෙලා. ඉතින් මම ආවා විතරයි හොඳට ගුටි කෑවා එදානම්. අපිට කොහොමහරි එන්න ක්‍රම තිබුනත් අපි තුන්දෙනා ට්‍රිප් එකක් යනවා වගේ ආතල් එකේ ඇවිද ගෙන ආවා.

මේ  දේවල්වලට කොච්චර දඬුවම් වින්ඳත් හැදෙන්නෙත් නැහැ. ඉස්කෝලෙ ළමයි එක්ක රණ්ඩු වෙනවා. ගහගන්නවා. ප්‍රාථමික අංශයෙන් පස්සෙ මම 8 වසරෙදි තමයි වෙනත් පාසලකට ගියේ. ඒ පාසලේ ගැහැණු ළමයි විතරයි. ඉතින් සාමාන්‍යයෙන් අලුතින් ඉස්කෝලෙකට ගියාම ඒ ළමයින්ට රැග් කරනවානෙ. මට එහෙම වුණේ නැහැ. මට ඒ ළමයි බය වුණේ මොකද ඒ ඉස්කෝලෙට ගිය දවසෙ ඉඳන් කළෙත් චණ්ඩි වැඩම තමයි.

ඒ ඉස්කෝලෙට ගිය මුල් කාලෙදි වගේ අපි කළින් ඇඳපු ටයි එකේ වෙනසක් සිද්ධ වුණා. ඒ අලුත් ටයි එක ඇත්තටම කැතයි. ඉතින් මම ඒ හින්දා පරණ ටයි එක තමයි දාගෙන යන්නෙ. අලුත් ටයි එක මම ගත්තෙත් නැහැ. ඉතින් ශිෂ්‍ය නායිකාවො ඒ ගැන කම්ප්ලේන් කරලා ප්‍රින්සිපල් ළඟටත් මාව යැව්වා. ඒ යද්දි මම අලුත් ටයි එකක් තමයි දාගෙන ගියේ. ඒ ටයි එක අරගෙන තියෙන ළමයෙක්ගෙ එකක්. ඉතින් ඒ විදියට ගිහින් ප්‍රින්සිපල්ගෙනුත් ගැලවිලා එනවා. ඒවාටත් හොඳ ගැට පාවිච්චි කළා. අන්තිමට ශිෂ්‍ය නායිකාවො තමයි ප්‍රින්සිපල්ගෙන් බැනුම් ඇහුවෙ.

ඉස්කෝලෙ කොච්චර දඟ වැඩ කළත් කලාව පැත්තත් අධ්‍යාපනය පැත්තත් හොඳින් කරගෙන ගියා. ගීත ගායනයෙන් ජයග්‍රහණ රැසක්ම දිනා ගත්තා. දෙමළ කෙල්ලෙක් මුස්ලිම් පාසලකට ගිහින් ඒ ආගමේ ගීත එහෙම ගායනා කරලා ජයග්‍රහණය ලබා ගන්නවා කියන්නෙ ඇත්තටම ලොකු දෙයක්. ඉතින් මට ඒ හැකියාවන් තිබුණා. නර්ථනය, ගායනය, නිවේදනය ඒ හැම කලා කටයුත්තකටම ගොඩක් දක්ෂයි. ඕනැම දේකට බය නැතිව ඉස්සරහට යනවා.

ඒ කාලෙ ටීචස්ලා පන්තියට ආවේ නැතිවුණාම අපිට මාරම ජොලි. ඒ වෙලාවට ඉතින් අපිට කතා කරන්න ගොඩක් මාතෘකා තියෙනවා. ඒ සමහර මාතෘකා එහෙම ඉතින් පත්තරවලට කියන්න අමාරුයි. ඒ තරමට අවුල් මාතෘකා. අපිට ඒ කාලෙ සෞඛ්‍ය පොත එහෙම ලැබුණම ඒක කියවන්න හරි ආසයිනෙ. අපි ඉතින් කෙල්ලො ටික වටවෙලා ඒ වගේ පාඩම් කියවන්නේ. ඉතින් අපිට ඒ පාඩම්වල සමහර වෙලාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා කට්ටිය එකතුවෙලා සාකච්ඡා කරන්න. ALවලට ආවාම අපිට කතා කරන්න ගොඩක් මාතෘකා තිබුණා. ඒවා ඇත්තටම ගෑනු ළමයි විතරක් ඉන්න ඉස්කෝලවල කට්ටිය දන්නවා ඇති. ඇත්තටම හරිම  සුන්දර කාලයක් ඒ අවධිය මට. ඉතින් ඒ කාලෙදි හීනියට වගේ පාසල් ප්‍රේමයකුත් තිබුණා. මුලින්ම ඇස්වලින් තමයි ඒ ආදරේ ගණුදෙනු සිද්ධ වුණේ. එතකොට මම 9 වසරේ. ඉතින් ඒ ආදරේ අවුරුදු ගාණක්ම තිබුණා. ඇත්තටම කියනවා නම් ඒ ආදරේ කරපු කෙනා අදටත් මට ආදරෙයි. ඔහු තව වෙනතුරු විවාහ වෙලත් නැහැ. තවම මාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ ආදරය තමයි මේ වනතුරාත් පාසල් ප්‍රේමය විදියට මගේ මතකයේ තියෙන්නේ.

ඇත්තටම පාසල් කාලේ ඒ සිදුවීම් ගැන අදටත් මතක් වෙද්දි ඒ කාලෙට ආයෙත් යනවා. ඒ තරම් සුන්දර කාලයක් අපේ ජීවිතවල තිබිලා නැහැ. මට රංගනයට පාසල් චරිතයක් කරන්න ලැබුණත් මම හරිම ආසාවෙන් ඒ දේ කරන්නෙ. මොකද අපෙන් ඈතට ගිය ඒ සුන්දර අතීත කාලය නැවතත් සිහිවෙනවා. ඒක මාරම හැඟීමක්. අද ඉස්කෝලෙ ගැන  ගීතයක් අහන්න ලැබුණත් ඒ ආදරණීය මතක සටහන් පිරුණු ඉස්කෝලෙ තමයි සිහියට එන්නේ. අපිව හදපු තැන. ආයෙත් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඒ තරමට සුන්දරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයියෝ නුවරඑළියම කනවනේ - ලැජ්ජාවේ බෑ
03:00
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02