ඉශාලිනි සිටි කළුවර කාමරය ගැන අධිකරණදී හෙළිවු දේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකම් කරමින් සිටිය දී හදිසි ගිනි ගැනීමකට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉශාලිනි ජූඩ් කුමාර් නම් 16 හැවිරිදි බාලවයස්කාරිය පිළිබඳව ඊයේ (24) දිනයේ දී අධිකරණයේ දී සංවේදී කරුණු කිහිපයක් හෙළිව තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙම අනාවරණය සිදුකළා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ ඉශාලිනිට රිෂාඩ් බදියුදීන් මහතාට අයත් නිවසේ නවාතැන් ගැනීමට ඉඩ ලබාදී තිබුණේ මුළුතැන් ගෙයට පිටතින් ඇති කාමරයක බවයි.

එම කාමරය අඩි 06 සහ 04 ප්‍රමාණයෙන් යුතු කුඩා කාමරයක් බවත්, එම කාමරයට විදුලිය ලබාදී තිබුණුද එහි අලෝකය සැපයීමට විදුලි බල්බ යොදා නොතිබුණු බවද ඒ මහතා පවසා සිටියා.

මෙම කුඩා කාමරයට විදුලි පංකාවක් සවි කර තිබුණත් එයත් ක්‍රියා විරහිත තත්ත්වයේ තිබී ඇති බවද අනාවරණය වූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා සිටියා.

මාස 08ක කාලයක් තිස්සේ ඉශාලිනි මෙම කාමරයේ රාත්‍රී කාලය ගෙවා ඇත්තේ හුදකලාව බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වුණා. එහිදී දිලීප පිරිස් මහතා අධිකරණය වෙත පවසා සිටියේ නිවසෙන් පිහිටි මෙම කාමරය තුළ ඇය ඉතාමත් අනාරක්ෂිත ජීවිතයක් ගත කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39