ඉව අල්ලා කොරෝනා සොයන අලුත්ම ක්‍රමය

කොරෝනා වෛරසය හදුනා ගැනිමට සායනික පරික්ෂණ අවශ්‍ය නොවේ ඒ ඉන්දීය හමුදාවේ ජයා, කැස්පර් සහ මානී යන නිල සුනඛයන් සිටින නිසාවෙනි.මෙම සුනඛයින් කොරෝනා වැලදුණ රෝගින් ඔවුන්ගේ ඉව මගින් හදුනා ගැනිමට පුහුණු කර තිබේ. කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් තමයි අප අසල්වැසි ඉන්දියාව.

කොරෝනා වෛරසය ආසාදිතයකු ද නැති ද යන්න සෙවීම සිදුවන්නේ පී.සී.ආර්. සහ ප්‍රතිදේහ පරීක්ෂණ මගිනි. පී.සී.ආර්. පරීක්ෂණයට වඩා ඉක්මනින් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගත හැකිය. පී.සී.ආර්. වලට වඩා ප්‍රතිදේහ පරීක්ෂණය මිලෙන් අඩුය. එකිනෙකට වෙනස් වුවත්, මෙම පරීක්ෂණ දෙකටම උගුර ඇතුළෙන් සහ නාසය ඇතුළෙන් සාම්පල ලබා ගැනීම කළ යුතුය. බොහෝ දෙනකුට මෙය වේදනාවක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. එය අමිහිරි අත්දැකීමකි. 

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට විශේෂයෙන් පුරුදු පුහුණු කළ තිදෙනෙක් සිටිති. ජයා, කැස්පර් සහ මානී යනු ඒ තිදෙනාය. කොරෝනා වසංගතය හමුවේ ඉදිරිපෙළ ‘සටන්කරුවන්’ අතරට මොවුන් තිදෙනා අයත් වෙයි. ජයා, කැස්පර් සහ මානී ඉන්දීය හමුදාවේ නිල සුනඛයන්ය. මොවුන් පුහුණු කර ඇත්තේ ඉව අල්ලා ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමටය. අද යුරෝපා රටවල් කීපයක ද මේ අයුරින් ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමට පුහුණු කළ සුනඛයන් ගැන අසන්න ලැබේ. එම නිල සුනඛයන් යෙදවෙන්නේ ගුවන්තොටුපොළවල රාජකාරි සඳහාය. ජයා, කැස්පර් සහ මානී පුහුණු කර ඇත්තේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු සිටින්නේ නම්, ඔහු හෝ ඇය අසලට ගොස් ඉදිරියේ වාඩි වීමටය.   

‘‘ඉව අල්ලා කොවිඩ් 19 වයිරසය හඳුනාගැනීමේ වැඩසටහන සඳහා හමුදා සුනඛයන් පුහුණු කිරීම අප ආරම්භ කළේ මාස කීපයකට කලින්. පුහුණු කිරීම් සිදු කළේ මුත්‍ර සහ දහඩිය සාම්පල යොදා ගනිමින්. චිපිපරේ, කොකර් ස්පැනියල්, ලැබ්රඩෝර් යන වර්ගයේ සුනඛයන් මෙම වැඩසටහනට අප සම්බන්ධ කරගෙන තිබෙනවා. දැන් අපේ සුනඛයන්ට කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම කළ හැකියි. එය සියයට 95 ක් සාර්ථකයි.”‍ යැයි සුනඛයන් පුහුණු කිරීමේ වැඩසටහන බාර ඉන්දීය හමුදා කර්නල් සුරේන්ද්‍ර සයිනී පැහැදිලි කරයි.   

 සාමාන්‍යයෙන් සුනඛයන්ගේ නාසයට මිලියන 300 කට වඩා වැඩි ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් පවතී. මනුෂ්‍ය අපට හඳුනාගැනීම කළ හැක්කේ මිලියන 5 ක් හෝ 6 ක් පමණක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. පිළිකා හඳුනාගැනීමට පවා පුහුණු කළ සුනඛයන්ට හැකියාව තිබේ. ඊට අමතරව මැලේරියාව, දියවැඩියාව, පාකින්සන් රෝගීන් හඳුනාගැනීමට සමත් සුනඛයන් ගැනත් ලොව නන්දෙසින් අසන්න ලැබේ.  කොරෝනා අවදානම ඇත්තේ අප මනුෂ්‍යයන්ට පමණක් නොව, සුරතල් සතුන් ද රෝගී වූ බව වාර්තා වේ. එහෙයින්, කොරෝනා සොයන්න ඉව අල්ලන ජයා, කැස්පර් සහ මානී ද නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන බව කර්නල් සුරේන්ද්‍ර සයිනී පැවසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34