ඉල්ලා අස්වෙන්න කෙහෙළිය සූදානම්

සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මට ලොකු චෝදනාවක් කරලා තිබුනා එය මාධ්‍ය හරහා ද ප්‍රචාරය වුවා, ඇමැතිවරයා පෞද්ගලිකව සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අමාත්‍යවරයාට අවශ්‍ය ලැස්තුවක් හැදුවා කියලා. මම පැහැදිලිවම කියනවා ඔ්නෑම අවස්ථාවක දේශපාලන ඇගිලිගැසීමක් කරලා මම මේ ලැස්තුව හැදුවා කියා ඔප්පු කළොත් මම හෙට දිනයේ ඉල්ලා අස්වන බව දෙවන දිනටත් අද ප්‍රකාශ කරනවා.

 එලෙස දේශපාලන බලපෑම් කරන සිරිතක් මට නැහැ. වෛද්‍ය සංගමයේ සාමාජිකයෙන් කියනවා ඉස්සර ඒ අමාත්‍යාංශවල කරලා ඇති මේ අමාත්‍යාංශයේ එහෙම බැහැ කියලා. මම ඉස්සර කළෙත් නැහැ. දැන් කරන්නෙත් නැහැ. යුක්ති සහගතව එම කටයුතු කරනවා මිසක් එවාට මැදිහත්වෙලා අපට ඔ්න විදිහට සිදු කරන්නේ නැහැ. 

පාර්ලිමේන්තුවේ ඉන්න මගේ යහළුවන් දෙදෙනෙකුගේ දරුවන් ඉන්නවා වෛද්‍යවරු ලෙස ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා මම කණගාටුව පළ කරලා කිව්වා මට එය කරන්න බැහැ කියලා. ඇමැතිවරු ඉන්නේ එහෙම දේවල් කරන්න නොවෙයි අමාත්‍යවරු ඉන්නේ විධායකය ගන්නා ප්‍රතිපත්තිමය තින්දු ක්‍රියාත්මක කරන්න මිසක් මෙවැනි දේවල් කරන්න නොවයි කියා. 

එයට මේ රටේ පිළිගත් නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. එවැනි අසාධාරණයක් වුණා කියලා කිසිම අයෙක් මේ වනතෙක් චෝදනාවක් කරලා නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34