ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත!

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ උවමනාවටත් වඩා ඔප්පුකර තිබේ.

මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත තැනකට අපේ රට තල්ලු කොට ඇතිදැයි වටහා ගැනීමට ඔවුන්ගේ වසරකට වැඩි පාලන කාලයම නොව,සතියක් දෙකක් තුළ සිදුකොට ඇති ව්‍යසනයම ප්‍රමාණවත් ය.

• විදුලිය නැති, ජලය නැති, ගෑස් නැති මේ සියල්ල අතර දුර්භාග්‍යසම්පන්න ඉරණමක් මේ ආණ්ඩුව රටට ඉතිරිකොට තිබේ.

• අසීමිත ලෙස උද්ධමනය ඉහළ ගිය,දරාගත නොහැකි තරම් ජීවන වියදමෙන් පීඩා විදින තුන්වේල වෙනුවට එක්වේලක් හෝ කන්නට බැරිතරමට දුක් විදින රටක් වර්තමාන ආණ්ඩුව ඉතිරිකොට තිබේ.

• අධ්‍යාපනය කඩා වැටුනු,දරු පරම්පරාවේ අනාගතය අඳුරු කළ,තරුණ පරම්පරාවේ සිහින සියල්ල සුනුවිසුනු කළ,විරැකියාව පීඩනය සහ අසහනය රජයන සමාජයක් වර්තමාන ආණ්ඩුව විසින් ඉතිරි කොට තිබේ.

• ජාතික ආරක්ෂාව පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව,සෞඛ්‍යාරක්ෂිතව ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම එයින්ම වටහා ගත හැකිය.

• ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතුකොටගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට තල්ලු වී ඇති අතර හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ.

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාගේ සිට දැවැන්ත ව්‍යසායකයා සහ ව්‍යාපාරිකයා දක්වාම අඳුරු අනාගතයක පෙර නිමිති දකිමින් සිටින අතර ඒවාට විසඳුම් දෙන්නට ආණ්ඩුවට කිසිදු උවමනාවක් ඇත්තේ නැත.

• සියලු රාජ්‍ය සේවකයින් ද,පෞද්ගලික අංශයේ සේවකයින් ද , දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ.

• මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර එනෙක් පසින් කොරෝනා මරණ දාහතරදහසද ඉක්මවා යන තැනක තැනට රට පත් කොට තිබේ. අප මුල සිටම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසාම අනතුර රට තුළට ගෙන්වාගෙන ඇත.

• රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත.

• රට වටේම මුහුද ආක්‍රමණය කොට විදේශීය බලවත් රටවල් විසින් මේ රට කෙළිබිමක් බවට පත්කරන තුරු ඇස් කන් පියාගෙන සිටින ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත්ව ඇති අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා රටට සිදු වූ හානියේ වන්දිය ලබා ගැනීමටවත් ආණ්ඩුවට ශක්තියක් නැත.

• රටේ සමස්ත පරිසර පද්ධතියත්,ජාතික සම්පත් සියල්ලත් හිතමිතුරන්ගේ උවමනාවන් වෙනුවෙන් වනසා දැමීමට අවශ්‍ය කරන සියලු පහසුකම් ආණ්ඩුව විසින් සපයා ඇති අතර මේ රට කාන්තාර බිමක් බවට පත් කිරීමේ සියලු පිඹුරුපත් ආණ්ඩුව විසින් සකසා අවසන් කොට තිබේ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.ඒවා අද සිය ගජ මිතුරන් පෝෂණය කරන්නට සකස් කල වැඩසටහන් පමණි.

සිය බලව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත ය.

මෙතරම් විනාශයක් රටේ සිදුවෙමින් තිබෙන අතර තවදුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැත.

එබැවින් ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ අර්බුදකාරී සමයේ මේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන, මේ රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම ය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28