ඉරිදා ලෝඩ්ස්හි තරගය රෝහිත්ගේ අවසන් තරගය නෙවෙයි – BCCI ලේකම්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරගාඅලියෙ තීරණාත්මක තරගය හෙට (19) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ‘ක්‍රිකට් මහගෙදර’ ලෙසින් හැඳින්වෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි.

කෙසේ වෙතත් මෙම තරගයෙන් පසු ඉන්දීය කණ්ඩායමේ ආරම්භ පිතිකරු රෝහිත් ෂර්මා, ඉන් ඉදිරියට ඉන්දීය කණ්ඩායමේ තේරීම් සඳහා සලකා නොබලන බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ අනුව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණේ, ඉදිර්ද දිනයේ දී එංගලන්තය සමඟ පැවැත්වෙන තරගය, රෝහිත් ශර්මාගේ අවසන් ජාටහ්ය්නතර තරගය විය හැකි බවටයි.

මේ අතර රෝහිත් ශර්මාගේ ක්රිද්කට් දිවියේ අනාගටහය සම්බන්ධයෙන් පළවන වාර්තාවලට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, දේවාජිත් සයිකියා විසින් පිළිතුරු ලබා දෙමින් සඳහන් කර තිබුණේ හෙට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී
පැවැත්වෙන තරගය රෝහිත්ගේ අවසන් තරගය වන බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කණ්ඩායම් සැලසුම්වලට ඔහු ඇතුළත්ව සිටින තාක් කල් ඔහුට අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිවන බවත්, දේවාජිත් සයිකියා විදෙස් මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.

”රෝහිත් ෂර්මාගේ අනාගතය පිළිබඳව මාධ්‍ය තුළ විවිධ අනුමාන පළ වෙමින් පවතිනවා. ඉරිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය රෝහිත්ගේ අවසන් තරගය වන බවට කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බව මම තරයේ ප්‍රකාශ කිරීමට කැමති. රෝහිත් ඉන්දීය එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වන අතර, කණ්ඩායම් සැලසුම්වලට ඔහු ඇතුළත්ව සිටින තාක් කල් ඔහු දිගටම රට නියෝජනය කරනවා. වෙනත් වචනවලින් කිවහොත්, ලෝඩ්ස් හි පැවැත්වෙන එක්දින තරගය ඔහුගේ අවසන් තරගය නෙවෙයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14