spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉරිදා නිදහස සැමරුවත් සඳුදා නිවාඩු නැහැ

මෙරට 76 වන නිදහස් දිනය ලබන 04 වනදා එනම් ඉරිදා දිනයේ දී සමරනු ලබනවා.

මෙවර නිදහස් දිනය ඉරිදා දිනක යෙදී තිබුනත්, ඊට පසු දින එනම් සඳුදා දින රාජ්‍ය ආයතනවලට නිවාඩු ලබාදීමක් සිදුනොකරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසන්නේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්නගෙන් අප කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

එළඹෙන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන බවට පළවන ඇතැම් වාර්තාවල නිවැරදි තාවය තහවුරු කරගැනීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන අප මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
10
+1
3
+1
10
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?