ඉරාන හමුදා ඉලක්ක වෙත යළිත් ඇමරිකානු ප්‍රහාර – ඉරනයෙනුත් දැඩි ප්‍රතිචාරයක්

ඉරාන හමුදා ඉලක්ක 10 කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු හමුදාව පවසනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ඒ ආසන්නයේ ස්ථාන කිහිපයකට ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා විසින් මෙම ප්‍රහාර සිදුකළ බවයි එම හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය තහවුරු කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ඉරානයේ රටේ වෙරළබඩ ස්ථාන පහකට බෝම්බ හෙලූ බවයි.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය Truth සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවයි.

ඉරානය කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට ඇති බවත්, ඉදිරියේදී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් ට්‍රම්ප්ගේ එම Truth සෝෂල් සටහනේ සඳහන්.

එය එසේ වන්නේ නම් ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැති වී යනු ඇති බව ඔහු අනතුරු අඟවනවා.

මේ අතර ඉරානය පවසන්නේ ඕනෑම ‘සතුරු ආක්‍රමණයකට’ ‘තලා දමන ප්‍රතිචාරයක්’ ලැබෙනු ඇති බවයි.

ඇමරිකානු-ඉරාන අන්තර්කාලීන ගිවිසුම යටතේ, “හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය පාලනය කිරීමේ විධිවිධාන” ටෙහෙරානය සමඟ ඇති බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කරන්නේ.

එය උල්ලංඝනය කරන නැව්වලට අතීතයට වඩා බලගතු ලෙස කටයුතු කරන බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබෙනවා.

  1. ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම තුරන් කර නො දමන තුරු ලෝකය ට සැනසීම ක් නැත! බගර් ගලිබාෆ්, වහීඩි සහ ඡායා නායක මොෂ්ටාබා වැන්නන් පළමුව තුරන් කළ යුතු ය. IRGC නැතිභංග කළ යුතු අතර, බසීජ් පොලිසියේ සියල්ලන් පෙති ගැසියැ යුතු ය. මැරුම් කන ඉරාන ලොකු ලොක්කන්ට බෝනස් කන්‍යාවියන් දීම ට අල්ලාහුටාලා සමඟ සංවාදයක් පැවැත්වියැ යුතු ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30