ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් තෙදින දින නිල සංචාරයක් සදහා ඊයේ (19) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඔහු සමඟ දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු ද පැමිණ සිටි අතර, ඔවුන් ඊයේ (19) රාත්‍රී 10.48ට ඉරාන රජයට අයත් IRAN 05 දරණ විශේෂ ගුවන් යානයෙන් , ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ආරාධනය මත ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියා.
මෙම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.













