ඉරාන රජයේ ප්‍රවෘත්ති නාළිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තිදෙනෙක් මරුට

ඉරානයේ රජයේ ප්‍රවෘත්ති නාළිකාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව ඉරානය මේ වනවිට තහවුරු කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ටෙහෙරානයේ පිහිටි ඉරාන රාජ්‍ය විකාශක මූලස්ථානයට පහර දුන්නේ, එය පිහිටා ඇති අගනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දීමෙන් පසුවයි.

නිවේදිකාව සජීවී ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරු ද පටිගත වී තිබුණා.