ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය හමුවෙයි

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සමාජයේ (රතු කුරුස සංවිධානය) ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්ත්වය එතරම් “හොඳ” නොවන බවයි.

මේ අතර ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73ක් පමණ සිටින බව ඉරාන රතු අඩ සඳ සංවිධානය සඳහන් කරනවා.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය ඊයේ (19) මෙම අනතුරට මුහුණ දී තිබුණා.

එම හෙලිකොප්ටරයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11