ඉරාන ජනාධිපතිගේ අවමංගල්‍ය උත්සව මාලාව අද ඇරඹෙයි – අවසන් කටයුතු අනිද්දා

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ති‌බෙනවා.

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සව මාලාව අද ටැබ්‍රිස් හිදී ආරම්භ වන බව අවමංගල්‍ය කමිටුවේ ප්‍රධානි මෝසෙන් මන්සුරි පවසනවා.

ලබන බ්‍රහස්පතින්දා ඊබ්‍රහිම් රයිසිගේ දේහය ඔහුගේ උපන් ගම වන මෂාඩ් හිදී මිහිදන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු නවදෙනෙක් අසර්බයිජාන දේශසීමාවේ සිට යළි පැමිණි හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වුණේ ඉරිදා පස්වරුවේයි.

අධික මීදුම් සහිත කාලගුණය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සැළකෙනවා.

අනතුරෙන් ජනාධිපතිවරයා ඇතුළු යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.

අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමේ කමිටුවේ ප්‍රධානියාවන මෝසෙන් මන්සූරි සඳහන් කළේ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාගේ දේහය අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා අද උදෑසන ට්‍රැබිස් චතුරස්‍රයේ සිට යාඥා ශාලාව වෙත පෙරහැරින් රැගෙන එන බවයි.

එහි පැවැත්වෙන යාඥා මෙහෙයන්ගෙන් අනතුරුව දේහය අද (21) පස්වරුවේ ෂියා මුස්ලිම්වරුන්ගේ ශූද්ධ වූ නගරය ලෙස සැලකෙන කොම් වෙත රැගෙන එනු ඇති.

දේහයන් ටෙහෙරානය වෙත රැගෙන එන්නේ ඉන්අනතුරුව බව මන්සූරි පැවසුවා.

ටෙහෙරානයේ දී බදාදා උදෑසන සුවිශාල අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම කටයුතුවලින් අනතුරුව ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ දේහය ඔහු ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ බීර්ජාන්ඩ් වෙත රැගෙන එනවා.

බ්‍රහස්පතින්දා පස්වරුවේ දේහය ඊබ්‍රහිම් රයිසිගේ උපන්ගම වන මෂාඩ් වෙත රැගෙන එන අතර ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි විසින් එහිදී අවමංගල්‍ය මෙහෙය පැවැත්වීමට නියමිතයි.

එදින රාත්‍රියේ රයිසිගේ සිරුර මෂාඩ් හිදී මිහිදන් කෙරෙනවා.

මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් ශෝකය පළ කර තිබෙනවා.

ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි.

ඉරාන චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූයේ රයිසි නිසා යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ශෝක පණිවුඩයේ සඳහන් වනවා.

අවශ්‍ය වේලාවට උදව්වට ආ මිතුරකු ලෙස රුසියාව ඉරාන ජනාධිපතිවරයා හඳුන්වා දී තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය ශෝකය පළකර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ එම ඛේදනීය මරණය සැලවීමෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රභූන් රැසක් මෙරට ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් සිය ශෝකය පළ කළා.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඉල්ලා සිටිනවා.

මේ අතර ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් පවසන්නේ, ජනාධිපතිවරයාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බවයි.

ඉරානයට සම්බාධක පැනවීමට ඇමරිකාව මූලිකව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණුනු බව ඔහු පවසනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවාසනාවන්ත මරණය දරාගත නොහැකි ලක්ෂ සංඛ්‍යාත එරට වැසියන් ටෙහරාන් අගනුවර වෙත ඒකරාශී වෙමින් සිටින බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවන්ට අනුව රට පුරාම ශෝක ප්‍රකාශ රැළි සංවිධානය වෙමින් තිබෙන බවද සඳහන්.

ඉරාන රතු අඩසඳ ව්‍යාපාරයේ ප්‍රධානී පිර් හුසේන් කොලිවන්ඩ් පැවසුවේ අනතුරට හේතු සොයා බැලීමට කොමිසමක් පිහිටුවා ඇති බවයි.

මේ අතර ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුනි 28 වැනිදා පැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04