ඉරාන ජනපතිගෙන් කොන්දේසියක් – කටාර් වෙත එල්ල වූ ප්‍රහාරයට එරෙහිව නඩු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ, ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.

“සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයක දී පෙසෙෂ්කියන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර තම රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරකට එල්ල වූ ඉරාන ප්‍රහාරයට එරෙහිව තමන් රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවර ගන්නා බව කටාර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි (Mohammed bin Abdulrahman bin Jassim Al Thani) පැවසුවේ මෙම අර්බුදය ඉතා කඩිනමින් සමථයකට පත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු අල් උඩෙයිඩ් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දෝහා නගරය ටෙහෙරානයට එරෙහිව මෙම නීතිමය පියවර ගැනීමට නියමිත බවත්, එය කටාර් හි ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත් ෂෙයික් මොහොමඩ් බින් අග්‍රාමාත්‍යවරයා චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30