ඉරානය හෝර්මුස් වසා දමද්දී සාම සාකච්ඡා වෙනුවෙන් ඇමරිකානු සහ ඉරාන නියෝජිතයින් ස්විට්සර්ලන්තයට

දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ඉරානය පැවසුවද, එක්සත් ජනපදය සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව එම සාකච්ඡා සඳහා සහභාගීවීමට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඊයේ (20) පස්වරුවේ ස්විට්සර්ලන්තය බලා වොෂින්ටනයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර මෙම සාකච්ඡා සඳහා ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉරාන දූත පිරිසක් දැනටමත් ස්විට්සර්ලන්තය වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව සාකච්ඡා අද (21) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර වොෂින්ටනයෙන් පිටත්ව යාමට පෙර එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සඳහන් කළේ “න්‍යෂ්ටික ගැටලුව” සහ “ලෙබනනයේ සටන් විරාම ගැටළුව” සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගැනීමට මෙම සකච්ඡාවල දී බලාපොරොත්තුවන බවයි.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි පැවසුවේ මෙම සකච්ඡාවල දී තම රට “අනෙක් පාර්ශවය තම කැපවීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටින” බවයි.

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද මෙම සාකච්ඡා ආරම්භයට සහභාගී වන බවට ඔහුගේ කාර්යාලය දැනුම් දී ඇති බවයි මේ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සතිය මුලදී එක්සත් ජනපද සහ ඉරාන ජනාධිපතිවරු ලෙබනනයේ ඇතුළුව යුද්ධය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම අරමුණු කරගත් මූලික ගිවිසුමකට අත්සන් තැබුවා.

ඉදිරි දින 60 තුළ අවසන් ගිවිසුමකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා සඳහා කැපවීමක් එම ගිවිසුමට ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52