ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා සඳහා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයින් දෙපළක් අද පාකිස්ථානයට

ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතන් දෙපළක් අද (25) දිනයේ පාකිස්ථානය බලා යෑමට නියමිත බව ධවල මන්දිරය පවසනවා.

ඒ, අනුව ස්ටීව් විට්කොෆ් සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් සෙනසුරාදා උදෑසන පාකිස්ථානයේ ඉස්ලාමාබාද් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, සාකච්ඡා සාර්ථක වුවහොත් එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පාකිස්ථානයට සංචාරය කිරීමට සූදානමින් සිටින බවයි.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ (24) සවස ඉස්ලාමාබාද් වෙත පැමිණියා.

ඔහු සමඟ ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි ද එහි පැමිණ ඇති අතර, එහිදී පාකිස්ථානයේ ඉහළ මට්ටමේ නිලධරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පවසන්නේ මෙම ඉස්ලාමාබාද් සංචාරය තුළ ඉරානය සහ එක්සත් ජනපදය අතර කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39