ඉරානය සමඟ අවසන් තීරණයට එළඹීම ගැන ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

ඉරානය සමඟ ගිවිසුමක් හෝ එකඟතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් “අවසන් තීරණයකට” එළඹීම සදහා ධවල මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සාකච්ඡාව ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියේ පැවැත්වෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් ඉරානය සමඟ එකඟත්වයකට එළඹීමට නම්, ඉරාන රජය “න්‍යෂ්ටික අවියක් හෝ බෝම්බයක් ළඟ තබා නොගැනීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සීමාවන්ගෙන් තොරව නැව් ගමනාගමනය සඳහා විවෘත කිරීම සිදු කළ යුතු බවයි ට්‍රම්ප් විසින් ප්‍රකාශකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted