ඉරානය යළිත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

ඉරානය විසින් යළිත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ, නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා තැබෙන බවයි.

සයිප්‍රස් ධජය සහිත බහාලුම් නෞකාවක් වන GFS Galaxy සමුද්‍ර සන්ධිය හරහා “අනවසර මාර්ගයක්” භාවිත කිරීම හේතුවෙන් පහරදීමෙන් පසු ඉරානය මෙම තීරණාත්මක තෙල් වෙළඳ මාර්ගය වසා දමන බවයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය වැඩිදුරටත් පවසන්නේ.

ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ක් පමණ ගලා යන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු සහ මෙම කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම අවසන් වන තෙක් එය වසා දමන බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ.

මේ අතර ඉරානය එම නෞකාවට පහරදීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද හමුදාව සෙනසුරාදා ඉරානයට එරෙහිව තුන්වන වටයේ ප්‍රහාර දියත් කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ.

මෙම ප්‍රහාරයන්ට පිළිතුරු ලබා දෙමින් ඉරානය සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපදය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දියත් කරන බවත් එහිදී කලාපයේ ඇති නව ඇමරිකානු කඳවුරුද ඉලක්ක කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33