spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉරාකයේ පෞරාණික සිද්ධස්ථානයක් නාය යාමෙන් ජීවිත රැසක් අහිමිවෙයි

මධ්‍යම ඉරාකයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාකයේ බටහිර කාන්තාරයේ, කර්බාලා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 28 (සැතපුම් 17) පමණ දුරින් පිහිටි Qattarat al-Imam Ali පූජනීය ස්ථානය නාය යෑමෙනුයි මෙලෙස මියගොස් ඇත්තේ.

සෙනසුරාදා සිදු වූ නාය යෑමෙන් පසු සුන්බුන් අතරින් දිවි ගලවා ගත් හය දෙනෙකු මුදා ගැනීමට සහන සේවකයන් සමත්වී තිබුණා.සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිසක් බේරා ගැනීමේ අරමුණින් සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?