spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉමියුනෝග්ලොබියුලින් නිසා ජීවිත අවධානමට ලක් වූ රෝගීන් ගැන අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ලබා දීමෙන් ජීවිත අවාදනමට ලක් වූ රෝගීන්ගේ තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.

එම තොරතුරු කඩිනමින් අධිකරණයට ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්‍ෂයට පත් රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව, පසුගිය සමයේ මෙරට රජයේ රෝහල් තුළ සිදුවූ ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාවිතයෙන් පසු සිදුවූ මරණ සහ අසාධ්‍ය වීම් ඇතුළු ඖෂධ අසාත්මිකතා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ තවදුරටත් මෙම මරණ පිළිබඳ තොරතුරු සැඟවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකිවන බවයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව – සභාපති – සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද පරික්ෂණයක් සිදු කර ඇතැයි ඒහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?