ඉමියුනෝග්ලොබියුලින් නිසා ජීවිත අවධානමට ලක් වූ රෝගීන් ගැන අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ලබා දීමෙන් ජීවිත අවාදනමට ලක් වූ රෝගීන්ගේ තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.

එම තොරතුරු කඩිනමින් අධිකරණයට ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්‍ෂයට පත් රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව, පසුගිය සමයේ මෙරට රජයේ රෝහල් තුළ සිදුවූ ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාවිතයෙන් පසු සිදුවූ මරණ සහ අසාධ්‍ය වීම් ඇතුළු ඖෂධ අසාත්මිකතා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ තවදුරටත් මෙම මරණ පිළිබඳ තොරතුරු සැඟවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකිවන බවයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව – සභාපති – සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද පරික්ෂණයක් සිදු කර ඇතැයි ඒහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14