ඉම්රාන් ගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇති බව ඇය පැවසුවාය.

රාවල්පින්ඩි – ඉස්ලාමාබාද් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඇය එම සිද්ධියට මුහුණ දී තිබුණාය.

රිහාම් ඛාන් මේ වනවිට සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ රිහාම් ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටින විට වෙඩික්කරුවන් දෙදෙනෙක් සිය මෝටර් රථයට වෙඩිතබා එය නැවැත්වූ බවය.

“මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා,” යැයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ඇය තවදුරටත් පවසා ඇත්තේ තම පැමිණිල්ල සටහන් කර ගැනීමට අදාළ බලධාරීන් වුවමනාවෙන් ප්‍රමාද කළ බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42