ඉම්රාන් ඛාන්ව සොයා පාකිස්ථාන පොලිසිය ලාහෝර් නිවස වටලයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් හි පිහිටි සමාන් පාර්ක් නිවසට පොලිසිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පෙබරවාරි 28 වන දින එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරනු ලැබූ අතර, එම වරෙන්තුවට අනුවයි ඔහු සොයා පාකිස්ථාන පොලිසිය ඔහුගේ ලාහෝර් හි පිහිටි නිවසට ගොස් ඇත්තේ.

ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අනුවයි ය ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

කෙසේ වෙතත් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට පැමිණි පසු ඔහුගේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් එම ස්ථානයට එක්රොක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් නිවසට පැමිණි අවස්ථාවේ දී ඉම්රාන් ඛාන් නිවසේ සිටියේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මේ අතර උසාවියෙන් ලැබෙන නියෝග ක්‍රියාත්මක කිරීමේදී පොලිසියට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බව ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ට ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියා අනතුරු ඇඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39