ඉනෝකා රණවීර හා අමා කාංචනාට නවසීලන්ත සංචාරයේ දොරටුව වැසෙයි

එළඹෙන මාර්තු මාසයේ දී සත්කාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයෙන් ඉනෝකා රණවීර සහ අමා කාංචනා ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් නවක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු හට මෙවර අවස්ථාව හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මනුදි නානායක්කාර, රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති යන යොවුන් ක්‍රීඩිකාවන් හට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දොරටු විවර ව තිබෙනවා.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා අමා කාංචනා පමණක් නොව්ව හසිනි පෙරේරා සහ ශෂිනි ගාම්භිනී ද මෙවර සංචිතයට එක් කර නැහැ.

මෙම නවසීලන්ත සංචාරයට නායකත්වය ලබා දෙන්නේ චමරි අතපත්තු යි.

ඊට අමතර ව හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න යන හුරුපුරුදු ඉහළ පෙළේ ක්‍රීඩිකාවන් ද රඳවාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 22 වන දින නවසීලන්තය බලා පිටත්ව යනු ඇති.

නවසීලන්ත එක්දින සහ විස්සයි20 තරග සඳහා නම්කෙරුණු ශ්‍රී ලංකා කාන්තා සංචිතය;

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කවිෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනි, සචිනි නිසංසලා, කෞෂිනි නුත්‍යාංගනා, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36