ඉන්ස්ටග්‍රැම් වාර්තා අතරට එක් වූ මෙසීගේ ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියාගෙන් හෙළිදරව්වක්

පාපන්දු ලෝක කුසලානයෙන් අනතුරුව ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට ලක්වූ ලියොනල් මෙසීගේ ඡායාරූපය ලබාගත් ඡායාරූප ශිල්පියා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.

ෂෝන් බොටරිල් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද මෙසීගේ මෙම ඡායාරූපය Instagram ඉතිහාසයේ වැඩිම කැමැත්තක් (Likes) ඇති පෝස්ට් එක බවට පත්වුණා.

වසර ගණනාවක ලෝක කුසලාන බලාපොරොත්තුවකින් පසුව මෙන්ම ජීවිත කාලය පුරාම දුටු සිහිනයක කූටප්‍රාප්තියේ සතුට සියල්ල මෙම ඡායාරුපයෙන් පෙන්නුම් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බොටරිල් පවසන්නේ ඉරිදා ලෝක කුසලාන අවසන් තරගයේදී ඡායාරූප ශිල්පීන් අතරින් එක් අයෙකු ලුසෙයිල් ක්‍රීඩාංගණයේ ආර්ජන්ටිනා ක්‍රීඩා ලෝලීන්ගෙන් බහුතරයක් සිටි වෙළඳ දැන්වීම් පුවරු ඉදිරිපිට තණතීරුවට යාමට සැලැස්මක් සකස් කළ බවයි.

කුසලානය පිරිනැමීමෙන් පසු මෙසී ඔහුගේ පවුලේ අය සමඟ ටික වේලාවක් ගත කර, ප්‍රේක්ෂකයන් අතරට යාමටආරම්භ කිරීමත් සමග, ඡායාරූප ශිල්පීන් තණතීරුවේ තම ඉලක්කය කරා වේගයෙන් දිව ගියා.

ඡායාරූප ශිල්පීන් ගොන්න අතරේ සිරවී සිටිය ද නිවැරදි ඡායාරූපයක් ගැනීමට හැකිවූ බවයි මෙම ඡායාරූප ශිල්පියා ප්‍රකාශ කළේ. ඡායාරූප ශිල්පියෙකුට මෙවැනි අවස්ථාවකදී වාසනාව ද අවශ්‍ය වන අතර ඉරිදා රාත්‍රියේ එය තමාට තිබූ බව ද ඔහු සිහිපත් කරනවා.

ඡායාරූප ලබාගත් වහාම බොටෙරිල් එය ඔහුගේ සංස්කාරකවරුන්ට යවා තිබෙනවා. විශේෂත්වය වන්නේ එම අවස්ථාවේ
බොටරිල්ගේ පුත්‍රයා එදින රාත්‍රියේ ඡායාරූප සංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටීමයි.

“මම ඔබේ පියාගේ පින්තූරය සංස්කරණය කළා, එය ඉතා හොඳ පින්තූරයක්,”

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියා ප්‍රකාශ කළේ Instagram හි භාවිතා කරන ලද Messi ගේ ඡායාරූපයේ ඔහුගේ ප්‍රියතම එකක් නොවන අතර ආර්ජන්ටිනා නායකයාට ලැබෙන ප්‍රසිද්ධිය හමුවේ එය වඩා හොඳින් ජනප්‍රියත්වයට පත්වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14