ඉන්න ද එපා ද? – ට්විටර් ප්‍රධානියා පරිශීලකයන්ගෙන් විමසයි

තමන් තවදුරටත් ට්විටර් සමාගමේ ප්‍රධානියා ලෙසට කටයුතු කළ යුතු ද එසේත් නොමැති නම් ධුරයෙන් ඉවත්විය යුතු ද යන්න ඉලෝන් මස්ක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් විමසීමක් කර තිබෙනවා.

ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල අනුව කටයුතු කරන බවයි ප්‍රකාශකර ඇත්තේ.

ටෙස්ලා සහ ස්පේස් එක්ස් පවත්වාගෙන යන තාක්‍ෂණ අධිපතියකු වන ඉලෝන් මස්ක් ට්විටර් සමගම භාර ගැනීමෙන් පසු දැඩි විවේචනවලට මුහුණ දී සිටිනවා.

නීතිමය සටනකින් අනතුරුව, මස්ක් මහතා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දැවැන්ත මුදල් ගනුදෙනුවකින් සමාගමේ පාලනය ලබා ගත්තා.

ඉදිරියට යාමේදී ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහා ද ඡන්දය විමසන බවයි මස්ක් මහතා ට්විටර් හරහා නිවේදනය කළේ.

වෙනත් සමාජ මාධ්‍ය වේදිකා ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් ට්විටර් නිර්මාණය කර ඇති ට්විටර් ගිණුම් වසා දමන බව ප්‍රකාශ කිරීමත් සමඟයි මෙම මත විමසුම පැමිණ අත්තේ.

මෙම පියවර Facebook, Instagram, Mastodon, Truth Social, Tribel, Nostr සහ Post වැනි වේදිකාවල පරිශීලක නාම වලට සම්බන්ධ වන හෝ අඩංගු ගිණුම් වලට ද බලපානු ඇති බව සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

“අපගේ බොහෝ පරිශීලකයින් වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාකාරී බව අපි හඳුනා ගනිමු. කෙසේ වෙතත්, අපි තවදුරටත් Twitter හි ඇතැම් සමාජ මාධ්‍ය වේදිකා නොමිලේ ප්‍රවර්ධනය කිරීමට ඉඩ නොදෙමු. විශේෂයෙන්ම, අපි වෙනත් සමාජ වේදිකා සහ පහත වේදිකා සඳහා සබැඳි හෝ පරිශීලක නාම අඩංගු අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පමණක් සාදන ලද ගිණුම් ඉවත් කරන්නෙමු: Facebook, Instagram, Mastodon, Truth Social, Tribel, Nostr සහ Post.” යනුවෙන් එම සමාගම ප්‍රකාශ කළා.

Musk Twitter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14