ඉන්ධන හිඟයක් නෑ – ගම්මන්පිලගෙන් සහතිකයක්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එමෙන්ම දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ ද රටට කිසිදු පාඩුවක් සිදු නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින් මෙම තීරණය ගැනීමට සිදු වුව ද හැකි ඉක්මනින් පවතින තත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

බොර තෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් බැවින් රටේ තෙල් සැපයුමට කිසි සේත්ම බල නොපාන, තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා මෙහි 37%ක් නිශ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. තවත් 19%ක් නිශ්පාදනය වෙන්නේ ගුවන් යානා ඉන්ධන හා භූමි තෙල් . පෙට්‍රල් සහ ඩීසල් නිශ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිශ්පාදනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන්. ඒ නිසා දැවි තෙල් අවශ්‍යතාවක් නැති බව විදුලි බල අමාත්‍යාංශය අපිට දැනුම් දී තිබෙනවා.

ඒ වගේම ගුවන් යානා පැත්තෙන් ගත්තොත් කෙටි දුර ගමන් යන ගුවන් යානාවලට ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබා ගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට තමයි කොළඹින් තෙල් සැපයීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් සියයට පනස් හයක් නිශ්පාදනය කරන බොර තෙල් ආනයනය නතර කර ඒ වෙනුවෙන් වැය වෙන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවලට යොමු කර ගැනීමට පුළුවන් කම ලැබෙනවා.”

කෙසේවෙතත් අද උදෑසන සිට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37