ඉන්ධන සොයා රට පුරා මහජනයා පෝලිම්වල – ගෑස්වලටත් මිල සූත්‍රයක්

ඉන්ධන ලබා ගැනීම සඳහා අද (21) උදෑසන වනවිටත් මහජනතාව පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර අද (21) දිනයේ දී තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියා.

ඊයේ (20) පෙරවරුවේ සිට දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් අඛණ්ඩව සපයන බවයි ඔහු වැඩි දුරටත් සඳහා කළේ.

මේ අතර ගෑස් සඳහා මිල සූත්‍රයක් හදුන්වා දීමේ අවශ්‍යතාව ඊයේ (20) කෝප් කමිටුවේ දී සාකච්ඡා වී තිබෙනවා.

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යන විට මෙරට ගෑස් මිල ඉහළ දැමුව ද ලෝක වෙළදපොලේ එම මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නො ලැබෙන බැවින් මෙලෙස මිල සූත්‍රයක් හදුන්වාදීම උචිත බවයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ.

එමෙන්ම දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් අධික ජනගනත්වයක් පවතින සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට කටයුතු කරන ලෙසට කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට ඊයේ නිර්දේශ කළා.

ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඊයේ (20) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණේ පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව විමර්ශනය සඳහායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06