spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන සහ විදුලි බිලට සහනයක් (වීඩියෝ)

ඉන්ධනවලට ලබන මාසයේ දී ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර දෙසැම්බර් මාසයේ දී විදුලි බිලට ද සහනයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේ දී බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා.ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා.”

https://youtu.be/nxA4rOdcZMU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?