ඉන්ධන මිල සහ බදු යළි ත් ඉහළට – මුදල් ඇමති කියයි

රට තුළ උදගතව ඇති දරුණු ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක පමණ බාහිර ආධාර අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (අප්‍රේල් 9) රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම, ඉන්ධන මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව තව ත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්දියාවෙන් ඉල්ලා සිටින අතර එය සති පහක පමණ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනු ඇතැයි ද ඔහු රොයිටර්ස් පුවත් සේවය වෙත සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ මැද පෙරදිග රටවල් ඇතුළු ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ද ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව ය.

“අපි ඉන්නේ කොහෙද කියලා අපි දන්නවා, එක ම දේ ආපසු සටන් කිරීම පමණයි. අපිට විකල්පයක් නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

තව ද ඩොලර් බිලියන 1.5ක ණයක්, ඩොලර් බිලියන 1ක් දක්වා ඒකාබද්ධ ණයක් සහ යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් වූ ඉල්ලීමක් පිළිබඳව චීනය සමග සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

J.P. Morgan විශ්ලේෂකයින් මෙම සතියේ ඇස්තමේන්තු කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දළ ණය සේවාකරණය මෙම වසරේ ඩොලර් බිලියන 7ක් වනු ඇති අතර ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව ය.

මහ බැංකු දත්ත වලට අනුව, රට සතුව පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන 12.55ක් වන අතර මාර්තු අග වන විට විදේශ සංචිත පවතින්නේ ඩොලර් බිලියන 1.93ක් බව ද ඔහු සඳහන් කර තිබේ.

“පළමු ප්‍රමුඛතාව වන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ… සහ විදුලිය සම්බන්ධයෙන් අපි සාමාන්‍ය සැපයුමකට පැමිණෙන බව දැකීමයි. එවිට ජනතා නැගී සිටීමට ආමන්ත්‍රණය කළ හැකියි,” යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.

තව ද අප්‍රේල් 18 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් වොෂින්ටනයට යාම නියමිත බව ත් ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීම සඳහා දින 21ක් ඇතුළත මූල්‍ය හා නීති උපදේශකයන් තෝරා ගන්නා බව ත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන් ම, රජය මාස හයක් ඇතුළත බදු සහ ඉන්ධන මිල ඉහළ දමනු ඇති අතර රාජ්‍ය මූල්‍ය සවි කිරීමේ උත්සහයක් ලෙස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

“අපි මධ්‍යස්ථ රටක්. අපි හැමෝගෙම මිත්‍රයෙක්. ඉතින් අපි හිතනවා හොඳ හිත මේ වෙලාවේ ප්‍රයෝජනවත් වෙයි කියලා.” යනුවෙන් ඔහු වැඩිදුරට ත් සඳහන් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

උපුටා ගැනීම – මව්බිම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14