spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ – මිල අඩුවන බවට තොරතුරු

මාසික සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙවර ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල ගණන්වල අඩුවීමක් සිදුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම ඉන්ධන මිල අඩුවීමට බලපාන අතර, බොරතෙල් මිල අඩුවීම ද ඊට බලපාන තවත් සාධකයක්.

අවසන්වරට සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9.00කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් පහත දැමුණා.

එමෙන්ම ඔටෝ ඩීසල් මිල සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?