spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයට ලාභද ? පාඩුද ?

අද (26) දිනයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දැමීමටයි තීරණය කර කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 470ක් ද, 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 550ක්ද වනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් මිල වැඩි කර තිබෙනවා.

ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520ක් ලෙස සටහන් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.

මේ අතර ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල ඇස්තමේන්තුගත පිරිවැය සම්බන්ධ නිවේදනයක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුම හරහා එය ප්‍රසිද්ධියට පත්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

අදාල සටහන පහතින්..

FWJbm2NXEAIzlK7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?