spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථාවට ලාභයක්

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා අයි.ඕ.සී සමාගම සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විශේෂ දැනුවත් කිරීමක් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර, එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61ක ලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවතින බවයි.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 01ක ලාභයක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 39ක ලාභයක් ද තෙල් සංස්ථාවට පවතින බව එහි සඳහන්.

මීට අමතරව ඊයේ රාත්‍රියේ රුපියල් 10 කින් මිල ඉහළ දැමූ ලංකා සුදු ඩීසල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ශත 51ක ලාභයක් ද හිමිවන බව සඳහන්.

මීට අමතරව භූමිතෙල් ලීටරයකින් ශත 15ක ලාභයක් ද උපයන බව අමාත්‍යවරයා මෙමඟින් පෙන්වා දී තිබෙනවා.

384518356 883735076452499 4581044972496375696 n

අයි.ඕ.සී සමාගම සහ සිනෝපැක් සමාගමේ පිරිවැය සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කළ දත්තයන් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?