ඉන්ධන මිල වැඩිවෙයිද ? – ඒ ගැන අලුත්ම කතාව මෙන්න

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති ධුරයට පත්වූ විගස ඉන්ධන මිල අඩුකරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර නොමැති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් තමා නිකුත් කළ ලිපියේ සඳහන් වූයේ ඉන්ධන මිල නැංවීම වැරැදියි කියන කතාව නොව ඉන්ධන මිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට රට පත් කිරීමට කටයුතු කළ කාරණය පිළිබඳව යැයිද කාරියවසම් මහතා පැවැසුවේය. 

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිදුකරන ක්‍රියාදාමයේ යහපත් ප්‍රතිඵලයන් ඉදිරි මාස කිහිපයේදී දැකගත හැකි යැයිද සාගර කාරියවසම් මහතා කීය.

ඉන්ධන මිල අඩු කිරීමට හැකි වූ සැණින් එය අඩු කිරීමට ආණ්ඩුව පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසුවේය.

මව්බිම 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38