ඉන්ධන මිල වැඩිකළ යුතු බව ඇමති ගම්මන්පිල යළි කියයි

මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

https://soundcloud.com/user-707339955/gammanpila-4

මේ අතර යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වුවා.

https://soundcloud.com/user-707339955/gammanpila-02