ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය ගනී – ඇමති ගම්මන්පිලගේ බලාපොරොත්තු එළියට

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 85 දක්වා වසර තුනකින් ඉහළම අගයට පැමිණ තිබෙනවා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 82.28 දක්වා ඉහළ ගියා.

ඒ අනුව ගතවූ සතිය තුළ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් සියයට 3 කින්ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතයේ අවදානම අඩුවීමත් සමඟ නිෂ්පාදන කටයුතු ඉහළ යාම මෙලෙස තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්.

බලශක්ති උත්පාදනය සඳහා ස්වභාවික වායු සහ ගල් අඟුරු යොදාගැනීම මිල අධිකවීම හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් වෙත යොමුවීම ද ඉන්ධන මිල ඉහළ යාමට බලපා තිබෙනවා.

ඔපෙක් සංවිධානය ඇතුලු තෙල් නිපදවන කරන රටවල් නිෂ්පාදනය කප්පාදු කිරීම හේතුවෙන් තත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ වනවිට පාරිභෝගික භාණ්ඩවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිලත් වැඩි වුවහොත් ජනතාව තවත් අසීරු තත්ත්වයකට පත්වන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00